Author: VNews

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6වැනි තරගයෙන් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම ලකුණ 12න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 217ක් රැස් කළා. එහිදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රුතුරාජ් ගායික්වාඩ් පන්දු 31දී ලකුණු 57 රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මාර්ක් වුඩ් සහ රවී බිශ්නෝයි කඩුළු 3 බැගින් බිදහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 205ක් පමණයි.

තව කියවන්​න

ත්‍රස්ථවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. හෙට දිනයේ සිට අධිකරණ නිවාඩු බැවින් මෙම පනත් කෙටුම් පතට එරෙහිව කුමන පාර්ශවයකට හෝ අධිකරණයට යෑමට ඇති හැකියාව බාධාවක් වන බැවින් මෙම තීරණය ගත් බව අප කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළා. එමෙන් මෙම පනත අද දිනයේ ඉදිරිපත් නොකර වෙනත් දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතීඥවරුන්ද ඉල්ලීමක් කළ බවත්, ඒ ඉල්ලීමද මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් අධිකරණ ඇමතිවරයා පැවසුවා. ඒ අනුව මීලග පාර්ලිමේන්තු රැස්වීම් වාරය ආරම්භ කෙරෙන දිනයේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරන…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 18 වන වතාවටත් යාමට තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා පවසනවා . ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවක් අමතමින් . මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එයට සහාය දැක්වීම පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා . ඉන් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ . ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත්…

තව කියවන්​න

එහිදී පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා . ඒ අනුව අද දිනයේදී ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිනීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ . මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් කර ඇති ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය අතපෙවීමක් බවයි එහි දක්වා ඇත්තේ. එමගින් රටේ ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙසත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකරන…

තව කියවන්​න

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද මධ්‍යහන 12 ට ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසනවා . ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි . එහිදී අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසුවේ එළඹෙන 10 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා රැලියකද පවත්වන බවයි . මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ද විරෝධතා සහ උද්ඝෝෂණ පිලිබදව ඊයේ පවතී මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පල කළා .

තව කියවන්​න

විදේස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර 15ක සිරදඬුවමක් ඊයේ නියම කරනු ලැබුවා . කොළඹ ,කුරුදුවත්ත ,රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුටයි මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම දඩුවම නියම කලේ . පුද්ගලයන් 15 දෙනකුකට අධික පිරිසකට ජපනයේ රැකියා ලබාදෙන බව පවසමින් ඔහු අදාළ මුදල වංචා කර තිබෙනවා . අධිකරණය මග හැර සිටින විවෘත වරෙන්තුකරුවකු වන පුබුදු මනෝජ් රණවක පතිරණ නොහොත් රොෂාන් නමැති මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටයි මෙලෙස සිරදඬුවම් නියමව ඇත්තේ . ඔහුට එරෙහිව අධිකරණය විසින් මේ වන විට විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද…

තව කියවන්​න

මෙම සතිය තුල පාර්ලිමේන්තුව පළමු වරට අද දිනයේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද අද පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වීමට නියමිතයි. මෙරට ළමා මන්දපෝෂණ තත්වය පිලිබදව සොයා බැලීම සහ ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද අද පස්වරු 3.00 ට පාර්ලිමේන්තුවේදී රැස් වනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් ඉවත් කර ගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා. අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉල්ලියාස් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. ඒ අනුව අදාළ පෙත්සම ලබන 06 වන දා කැදවන ලෙසයි අධිකරණය නියෝග කළේ.

තව කියවන්​න

වසර දෙකක සිරදඩුවමක් නියම වී සිටි ඉන්දීය කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධිට ඇප නියම වී තිබෙනවා. 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට චෝදනා එල්ල වී තිබුණා. මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබා දෙන තෙක් දඩුවම වළක්වන ලෙසද ගුජරාටි අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඉන්ධන දීමනා වශයෙන් රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ නවදහස් හයසිය විසි නවයක් ලබා ගැනීම සදහා රජයේ නිලධාරින් පෙළඹවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඉදිරියේ එම චෝදනා පත්‍ර භාර දුන්නා. අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග කළේ. මේ අතර රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරිමට ජූනි…

තව කියවන්​න