Author: VNews

වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. දුම්රියපොළ ආසන්න මුහුදුබඩ මාර්ගයේ මෙම ගිලා බැසීම සිදු ව ඇති බව සදහන්. එහිදි මාර්ගයේ ගමන් කර තිබූ මෝටර් රථයක් ද අනතුරට ලක්ව තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ කොළඹ ඇතු`ඵ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රීතව භූ කම්පන ඇති වීමේ ප්‍රවනතාවයක් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජේ්‍යෂ්ඨ මාහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඔහු සදහන් කරන්නේ. එමෙන්ම 1615 වසරේ සිට මේ දක්වා බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශය ආශ්‍රිත විශාල භූ කම්පන ප්‍රමාණයක් සිදුව ඇති බව ද අද මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. බොරතෙල් මිලදී ගැනීම පිළිබද සාකච්ඡා ශ්‍රී ලංකා බලධාරින් සහ රුසියානු නිලධාරීන් අතර තවමත් අවසන් වී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වුවහොත් දෙපාර්ශවයටම වාසි සහගත ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්බන්ධයෙන් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි. මේ අතර ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් වැළැක්වීම සදහා විධිවිධාන ඇතුළත් නව ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බොහෝ සංවිධාන විරෝධය එල්ල කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ද අදහස් පළ කළා.

තව කියවන්​න

ඔපෙක් රටවල් මැයි මස සිට සිය සැපයුමෙන් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් කපා හරින බව නිවේදනය කර තිබෙනවා. මේ සමග ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක බොරතෙල් සැපයුමෙන් සියයට 40 ක ප්‍රමාණයක් ඔපෙක් ප්ලස් සංවිධානය සපයනු ලබනවා. මේ අතර ලෝක වෙළපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකානු ඩොලර් 83 යි දශම පහයි නවයක සීමාවේ පැවතුනා.

තව කියවන්​න

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ඔහු සදහන් කළේ රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයේ ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි. මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියේ ගෑස් මිල සංශෝධනය වනවා.

තව කියවන්​න

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා. කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ පවතින උෂ්ණ අධික කාලගුණික තත්වය හේතුවෙන් මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවයි. මේ හේතුවෙන් ළමුන් මෙන් ම වැඩිහිටියන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු බවද ඔහු පැවසුවා.

තව කියවන්​න

මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ මාර්ගවල අද සිට ක්‍රියාත්මක වනවා. බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නොකොට මගින්ගෙන් වැඩිපුර ගාස්තු අයකරන බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසුවේ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීමට අනිවාර්ය බවයි. ඉන්ධන මිල අඩු කිරීමත් සමග පසුගිය 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිද බස් ගාස්තු සංශෝධනය කෙරුණා.

තව කියවන්​න

ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව අද එහි සේවකයින් වීදි බැස රජයට එරෙහිව විරෝධය පළ කළා. මෙම විරෝධය සදහා දිවයින පුරා පිහිටි ටෙලිකොම් ශාඛාවල සේවකයින් සහභාගි වී සිටියා. ඔවුන් චෝදනා කරන්නේ ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

තව කියවන්​න

බිත්තර මිලියනයක් අද රාත්‍රීයේදී දිවයිනට රැගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මෙලෙස බිත්තර මිලියන 10 ක් ආනයනය කරන බවයි. ඒ අනුව මේ දක්වා බිත්තර මිලියන 3 ක් ආනයනය කර තිබෙනවා.

තව කියවන්​න

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා. ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් මෙම නැකැත් සීට්ටුව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. එම අවස්ථාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තව කියවන්​න