- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ඉන්දු – ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශවිය සමුද්‍ර අභ්‍යාසය අද ආරම්භවීමට නියමිතයි. මෙවර සමුද්‍ර අභ්‍යාසය අධියර දෙකක් යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඉන්දියාව නාවික හමුදාවේ කිල්තාන් සහ සාවිත්‍රි නෞකා මෙම සමුද්‍ර අභ්‍යාසයට එක්වනු ඇති. සමුදුර සහ විජයබාහු යන නෞකා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අභ්‍යාසයට එක්වීමට නියමිතයි. දෙරට අතර සහයෝගිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම සමුද්‍ර අභ්‍යාසය සංවිධානය කර තිබෙනවා. එමෙන්ම ඩ්‍රෝන යානා මෙන්ම දෙරටේ හමුදා නියෝජනය කරමින් විශේෂ බලකායක්ද මෙම සමුද්‍ර අභ්‍යාසයට එක්වීමට නියමිතයි.
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් රැස් වනවා. ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිතයි . වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ඒ සඳහා තවත් සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි .
වෙළඳපොලේ කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තවනවා. උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ. මේ අතර සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා විමසීමකදී සඳහන් කළේ මේ වනවිටත් කුකුළු මස් කර්මාන්තය පාඩු ලබමින් ඇති බවයි.
ඉතිහාසයේ මසක් තුළ ඉපයූ වැඩිම ආදායම මෙම වසරේ මාර්තු මාසය තුළ දී උපයාගැනීමට හම්බන්තොට ලංකා ලුණු සමාගමට හැකිවී තිබෙනවා. එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ චමින්ද සූරියපටබැඳි මහතා කියා සිටියේ. 2023 ජනවාරි සහ පෙබරවාරි සහ මාර්තු මාසයේදී පමණක් මිලියන 110කට වැඩි ආදායමක් උපයා තිබෙනවා. 2020 වසරේදී ලුණු ආනයනයට සීමා පැනවීම හේතුවෙන් මෙම ලාභය උපයා ගැනීමට හැකි වූ බවයි ඒ මහතා සඳහන් කලේ.
විදුලි බිල ඉහල නැංවීම සහ ජිවන වියදම ඉහල දැමිමට විරෝධය පල කරමින් හැටන් නගර මධ්‍යයේ අද උද්ඝෝෂණයක් පැවැත් වුණා .. මෙම විරෝධතාවය ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිරආරච්චි මහතා විසිනුයි සංවිධානය කර තිබුනේ . මේ සදහා විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු ද පැවසුවා .
රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරුනා. ගුවන් හමුදා ”හෙරළි පෙරළි” නමින් මෙම වැඩසටහන දියත් කෙරෙනවා. රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි. මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරෙනවා. කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු ”ගුවන් හමුදා හෙරළි පෙරළි”ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිලිගන්වුනා.
ඉන්දියාව, ලිතුවේනියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව පසුගියදා ඉන්දියාව, ලිතුවේනියාවේ විල්නියස් අගනුවරදී සිය තානාපති කාර්යාලය විවෘත කර එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා . ලිතුවේනියාවේ ක්‍රියාත්මක සිය මෙහෙයුම් කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පැවසුවේ සබඳතා ශක්තිමත් වීම සතුටට කරුණක් බවයි. නේවාසික දූත මෙහෙවර හරහා ඉන්දු -ලිතුවේනියා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ හරහා දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ ආර්ථික කටයුතුවල වර්ධනයට ඉඩ සැලසීමට මෙන්ම ජනතාව අතර ශක්තිමත් සම්බන්ධතාවලට පහසුකම් සැලසීමට අවස්ථාව හිමිවනු ඇතැයි ද…
ලංකා ගමනාගමන මණ්ඩලය රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවාගැනීමට පියවර ගෙන තිබෙනවා. දැනට ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු පුරප්පාඩු 1,035 ක් පවතින බවයි ඒ මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ තවද ඒ මහතා කියා සිටියේ කොන්දොස්තරවරුන් 450 දෙනෙකුගේ හිඟයක් පවතින බවයි. වාර්ෂිකව සිදු කෙරෙන සේවකයින් විශ්‍රාම ගැන්වීමට අදාළව මෙම නව බඳවාගැනීම් සිදු කෙරෙනවා.
විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබද වන නීති සංශෝධනය කර තිබෙනවා. ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. නීතිඥවරියන්ගේ ඇදුම වෙනස් වියයුතු ආකාරය පිළිබද අදාළ ගැසට් නිවේදනයට ඇතුලත් කර තිබෙනවා.
සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තරගය ජය ගැනීම සදහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196 ක් පමණයි. ඒ අනුව තරගයේ දී කණ්ඩායම් දෙකම ලබා ගත් ලකුණු සංඛ්‍යාව සම වූ බැවින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන්නේ නවසීලන්තයයි. මහීෂ් තීක්ෂණ යොමු කළ එම පන්දුවාරයේ දී නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා ගත්තා. ඉන් අනතුරුව සුපිරි පන්දුවාරයේදී ඉනිම ආරම්භ කළ චරිත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















