Author: VNews

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 370ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 39යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ. මුහුදේ පාවෙමින් තිබූ උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී පාර්සල් හතරක මෙම අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබු බව නාවික හමුදාව සදහන් කළා. මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67කට අධික බවට විශ්වාස කරන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයේ තබා ගන්නා බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන්…

තව කියවන්​න

ෆින්ලන්තයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ජාතික සභාග පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව මෙම මැතිවරණයෙන් පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පරාජය පිළිගන්නා එරට අගමැති සන්නා මරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වන සදහන් කර තිබෙනවා. මේ වන විට මැතිවරණයේ සියයට 93යි දශම 4ක ඡන්ද ගණන් කර අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තු ආසන 200න් ආසන 48ක ජයක් මේ වන විට ජයග්‍රහණය කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. කෙසේ වෙතත් ඉදිරියෙන් සිටින පක්ෂ තුනට සියයට 20ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර, කිසිදු පක්ෂයටකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොමැති බවද විදෙස් මාධ්‍ය…

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගියේ 05වන තරගයෙන් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 08න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 46දී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු දෙකක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 73ක් සහ විරාත් කෝලී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණා.

තව කියවන්​න

මැතිවරණ කොමිසම හෙට යලි රැස්වීමට නියමිතයි. පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙලෙස මැතිවරණ කොමිසම රැස්වන බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කලේ. එදිනට ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි. දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේදීද පැමිණියා. හන්තානේ කතාව / රැයක් දවාලක් / අහස්ගවුව් / අක්කර 5 / නිම්වලල්ල / අපේක්ෂා ඇතුළු සිනමා පට රැසකට රංගන දායකත්වය ලබාදෙමින් සිය රංගන කෞෂල්‍ය ප්‍රතිභාව මනාව පිළිබිඹු කිරීමට අමරසිරි කලංසූරිය මහතාට හැකිවුණා. ඩී බී නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු ටෙලි නාට්‍ය තුළින් ටෙලි නාට්‍ය කලාවටද ඒ මහතා නොමැකෙන මතකයක් එක් කළා.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරීම තුළින් මෙරට බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමේ සැළැස්මක් පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් කළ ප්‍රකාශයකට පැහැදිලි කිරීමක් ලෙසයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන්නේ නම් ආර්ථික න්‍යායන් භාවිත කරමින් ඒවාට අදාළ විශ්ලේෂණ සිදුකළ යුතු බව ඔහු ගේ අදහසයි. මේ අතර ජාත්‍යන්තර මුලය අරමුදල සම්බනධයෙන් සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද ඇදහස් පල කළා

තව කියවන්​න

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය අද කැදවීමට නියමිතයි . එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ පසුගියදා කැදවනු ලැබුවා . මහාධිකරණ විනිසුරුවරයා පසුගියදා නිවාඩු ලබා සිටි බවවින් අදාල පෙත්සම සලකා බැලීමට අද කැදවන බවයි මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් පසුගියදා නිදහස් කලා. එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනුකර තිබෙනවා.

තව කියවන්​න

වෘත්තීය සමිති මර්ධනය කිරීමට රජය විසින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන එන පනතක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඔහු පැවසුවේ මේ සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පවත්වන බවයි . කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළා . එමෙන්ම අද දිනයේ සමස්ත වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා. මේ අතර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා සදහන් කළා. ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව…

තව කියවන්​න