ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා.
එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පාසල් ප්‍රමුඛ පාසල් ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණා .
මෙම වැඩසටහන යටතේ එකී කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගත් පාසල් කිහිපය එලෙසින්ම පවත්වාගෙන යාමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශයේ නව තීරණයට අනුව සංවර්ධනය කෙරෙන ප්‍රමුඛ පාසලක් වටා පාසල් පහක් හෝ හයක් වන ලෙස පාසල් පොකුරක් ඇති කිරීමට නියමිතයි.
එම පාසල් පොකුරට ප්‍රමුඛ පාසලේ පහසුකම් ලබා දෙනු ඇති.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













