
මෙම වසරේ ගතවූ මාස 8ක කාලය තුළ වාර්තා වූ සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8ට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහි නවතම වාර්තාවට අනුව එම මාස 8 තුළ සංචාරක ආදායම වශයෙන් උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2,061.1ක් වනවා. කෙසේ වුවද පසුගිය වසරේ මුල් මාස 8 තුළ සංචාරක ආදායමෙන් උපයාගෙන ඇති මුදල අමෙරිකානු ඩොලර් 2,290ක් ලෙස සටහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.














