
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිතයි. මේ වන විට එංගලන්ත කණ්ඩායම 2ට 0ක් ලෙස පළමු තරග දෙකෙහිම ජය වාර්තා කරම්න් තරගාවලිය ජයගෙන අවසන්.














