
‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි‘ යන තේමාව මුල් කර ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අකුරැස්ස සහ වැලිගම යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව පළමු ජන රැළිය අද පස්වරු 2.30ට අකුරැස්සේදී පැවැත්වෙනවා. එමෙන්ම, පස්වරු 3.30 ට වැලිගම ප්‍රදේශයේදී දෙවන රැස්වීම පැවැත්වීමට නියමිතයි. වත්මන් රජයේ වසර 2ක පාලන කාලය තුළ ඉටු කරන ලද සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ජනගත කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබෙනවා.














