මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා.
නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක පමණ ආදායමක් හිමිවූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ.
මෙම වසරේ සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති අතර එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් රජයට අයත්.
මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













