
හැටන් ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ හැටන් – බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
අද උදෑසන 11ට පමණ මෙම පස් කන්ඩිය කඩා වැටී ඇති අතර, මේ වන විට හැටන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එම ස්ථානයේ තවදුරටත් පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින්, එකී මාර්ග කොටසේ ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සහ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.














