
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වුණා. ඒ 20යි20 ආකෘතියෙන් පැවැත්වෙන මෙම තරග අංශයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ පන්දුවාර 17.5කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී, ලකුණු 181ක් රැස්කර තරගයේ ජය තහවුරු කරගනිමින්. මෙම තරග අංශයේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර අද පැවැත්වෙන අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.














