Author: VNews

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට සහ අනිද්දා වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති විය හැකි බව…

තව කියවන්​න

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙනවිත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු අද(19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශවල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා. මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ , තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතනවලින් මෙම ජාවාරම…

තව කියවන්​න

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විරෝධතාවක නිරත වනවා. ඒ හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ. අප වාර්තාකරු පැවසුවේ තුන්මුල්ල මංසන්ධියේ සිට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටින් බුලර්ස් මාර්ගය අවහිර වී ඇති බවයි. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

තව කියවන්​න

වට්ස්ඇප් මෘදුකාංගය විසින් ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් මෙයෙහුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව එය යාවත්කාලීන කිරීම යටතේ වට්ස්ඇප් පරිශීලිකයින්ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවයි වට්ස්ඇප් සමාගම සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කළේ. මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා කණ්ඩායම් වශයෙන් එක්කළ හැකි අතර උපකල්පන අවස්ථා 12 කින්ද සමන්විතයි. එම විකල්ප අවස්ථා 12 ට අමතරව විකල්පයක් ඇතුලු කිරීමට උත්සහ කළහොත් ඒ සඳහා ඉඩ ලබානොදෙනු ඇති.

තව කියවන්​න

බැංකු ඇතුළු විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබා ගත් ණය හිමියන් බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති බැවින් මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ඒ සම්බන්ධව තීරණයක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කළා. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සිව්වන දින විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ණය පොලි අනුපාත පාලනය නොකළහොත් ජනතාවගේ ආර්ථිකය තවදුරත් බිඳ වැටෙනු ඇති බවයි.

තව කියවන්​න

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. එහිදී ඔහු කියාසිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද රැදවුම් නියෝග කාලය හෙටින් අවසන් වන බවයි. ඊට පිළිතුරු ලබාදෙමින් සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ විපක්ෂනායකවරයා යොමු කරන ලද පැනය විෂයභාර අමාත්‍යවරයාට යොමු කරන බවයි. එමෙන්ම රැදවුම් නියෝග යටතේ රඳවා තබා ගත හැක්කේ දින 90 ක කාලයක් බව ද ඔහු එහිදී කියා සිටියා.

තව කියවන්​න

වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 5 ක් වන එම දරුවා කතරගම දෙටගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා. කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ හේතුවෙන් ලබන 19 සහ 20 යන දෙදින පවතින අඩුපීඩන කලාපය මෙරට උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම උතුරු අක්ෂාංශ 07 ත් 20 ත් නැගෙනහිර දේශාංෂ 80 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල…

තව කියවන්​න

එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්. බීජ අලෙවි කරන්නන් සහ ගොවිජන සංවිධාන පැවසුවේ පසුගිය වසරට වඩා මෙම වසරේ සෑම බීජ කිලෝවක්ම සියයට 1500 ට වඩා ඉහළ මිලකට අලෙවි කරන බවයි. එමෙන්ම පලිබෝධනාශක වර්ගවල මිලද සියයට 1500 කින් ඉහළ යාම හමුවේ එළවලු වගා කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමට හැකියාවක් නොමැති බවයි ගොවීන් චෝදනා කළේ.

තව කියවන්​න

නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවුනා. ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 වන සැකකරු ලෙසයි මොහු නම් කර ඇත්තේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණු නීතිඥ නුවන් බෝපගේ  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහරින ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ලබන 19 වනදා කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා ඔහුට නියෝග කර තිබෙනවා.

තව කියවන්​න