Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕමානයේ කාන්තා මිනිස් ජාවාරමේ මහමොළකරු කටුනායකදී අල්ලයි

    ඕමානයේ කාන්තා මිනිස් ජාවාරමේ මහමොළකරු කටුනායකදී අල්ලයි

    ටී.කේ.ජී.කපිල - කටුනායක
    2022-11-19කියවීමට මිනිත්තු 3ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙනවිත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු අද(19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශවල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා.

    මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ , තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතනවලින් මෙම ජාවාරම සදහා ලාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබෙනවා.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා.

    අබුඩාබි , ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් බස් රථ මගින්, දේශසීමාව තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන, එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සදහා අලෙවි කර තිබෙනවා.

    මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

    මීට අමතරව මේ පිළිබඳ පැමිණිලි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය වෙත ලැබී තිබූ අතර, එහි විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.

    මේ වනවිට අබුඩාබි, ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථානවල මෙම සිදුවීම්වලට ගොදුරු වූ තරුණියන් විශාල පිරිසක් රඳවා ගෙන සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකවරයා පවසනවා.

    මොහු අද(19) දින අලුයම 12.55 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ-569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු පවසන්නේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත්අඩංගුවට ගැනීම සදහා නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

    එසේ අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු භාර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කොළඹ සිට පැමිණෙන තෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ආරක්ෂාව සදහා රදවා තබා ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම්කරු ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ වනවිට අබුඩාබි , ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථාන වල මෙම සිදුවීම් වලට ගොදුරු වූ තරැණියන් විශාල පිරිසක් රදවා ගෙන සිටිනවා .

    ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ .

    මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඕමාන් මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි .

    http://vnews.lk/wp-content/uploads/2022/11/DINESH-GUNAWARDHANA-EDIT-1-1.mp3
    ඕමානයේ කාන්තා වෙන්දේසියි
    පෙර පුව​තඅන්තරේ විරෝධතාවක – පාරක් වැසෙයි
    ඊළඟ පුව​ත ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group