- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
Author: VNews
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා වෙනුවෙන් අභියාචණාධිකරණයට රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. සැකකරුගේ පියා විසිනුයි මෙම පෙත්සම ගොනුකර ඇත්තේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා , ආරක්ෂක ලේකම්වරයා , පොලිස්පතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් ද පෙත්සමේ වගඋත්තකරුවන් වනවා. මේ අතර අත්අඩංගුවේ පසුවන තම පුත්‍රයා වන සලිදුගේ ජීවිතාරක්ෂාව තහවුරු කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබුණා. විමර්ශන කටයුතු සදහා සැකකරු පිටතට රැගෙන යන්නේ නම් මහේස්ත්‍රාත්වරයෙකුගේ සුපරීක්ෂණය යටතේ එය සිදුකරන ලෙස…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. අද පෙරවරු 11.30 වන විට දුර්වලම වායු තත්ත්වය කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තා වුණා. එහි වායු ගුණාත්මක අගය දැක්වුණේ අදාළ දර්ශකයේ ඒකක 135ක් ලෙසයි. එමෙන්ම ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 130ක අගයක් ගෙන තිබු අතර යාපනයේ නගරයෙන් ඒකක 128ක් ලෙස සටහන්ව තිබුණා. වායු ගුණාත්මක දර්ශකයට අනුව සෞඛ්‍යට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101 සිට 150 දක්වා වු අගයකයි.
බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විශේෂ කමිටුවක නිර්දේශ යටතේ මෙලෙස ජනාධිපති සමාව ලබා දෙන බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති දුෂණ විරෝධි පනත සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා. ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි.
පසුගිය දින සිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආහාර විෂ වීමකින් බවට සැක පළ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ආහාර විෂ වීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හදුනාගත් තවත් රෝගීන් දස දෙනෙකුද වාර්තා වී ඇති බවයි. මේ අතර ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වල නිරත වන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිලිවෙතක් අනුගමනය කරන ලෙසයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවාගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. පෞද්ගලික අංශයේ සහාය ඇතිවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ. දිවයිනම ආවරණය වන පරිදි බස් රථ සහ ගමනාන්ත 1200 කට අධික සංඛ්‍යාවක් ව්‍යාපෘතියෙන් ආවරණය කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය ආරම්භ කෙරුණේ.
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1 ක අගයක් ගෙන ඇති බවයි . භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන රජයෙන් ලැබෙනු ඇති බවට තවදුරටත් කොමිෂන් සභාව විශ්වාස කරන බවයි. පසුගිය 12 වන දා ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයා වෙත යළිත් ලිපියක් යොමු කරනු ලැබුවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සදහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත්, ඒ සදහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය…
පෙබරවාරි මාසයේ දී ද මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ අනුව නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය යන නිෂ්පාදන අංශයේ උපදර්ශක මෙන්ම නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් ඇතුළු සේවා අංශයේ උපදර්ශක කිහිපයකද පහළ යෑම් දක්නට ලැබුණා. පෙබරවාරියේ නිෂ්පාදන අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 42.3ක් ලෙස සටහන් ව ඇති අතර, සේවා අංශයේ එහි අගය 48.7ක්. මේ අතර, 2022 සිවු වැනි කාර්තුව සඳහා ආර්ථික වර්ධන වේගය සෘණ සියයට 12.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය 2022 සඳහා වාර්ෂිකව සියයට 7.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව සඳහන්. නිෂ්පාදන ගැනුම් කළමනාකාර දර්ශකය පෙබරවාරි මාසයේ දී දර්ශක අගය 42.3ක් වාර්තා වී ඇති බව යි ජනලේඛන…
ඊසාන දිග ඇමෙරිකාවේ පළාත් රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂාව හා හිම පතනය හේතුවෙන් ඊසාන දිග ඇමෙරිකාවේ පළාත් රැසක සාමාන්‍ය ජන ජිවිතයට බාධා එල්ල කර ඇති බව සදහන් . අයහපත් කාලගුණය හේතුවෙන් නිව් යොර්ක් හා නිව් ජර්සි යන ප්‍රාන්තයන්ට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා. ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර ඇති අතර නිවාස දෙලක්ෂ හැටදහසකට අධික සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී ඇති බවටයි එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කරන්නේ. මිලියන 15කට අධික පිරිසකට හිම කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂා පතනය හා හිම පතනය එකවර ඇති වීම සාමාන්‍යයෙන් සිදු නොවුව ද මිනිස් ක්‍රියාකාරකම් හරහා සිදු…
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇතැයි, විභාග දෙපාර්තමේන්තුව පවසනවා විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, දීමනා වැඩි කළත් මෙතෙක් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ නොවීම හමුවේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි. සිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අධීක්ෂණය සඳහා සම්බන්ධ නොවීම හමුවේ තවදුරටත් එම කටයුතු අඩාල වී ඇති බව විභාග කොමසාරෑරිස් ජෙනරාල්වරයා පවසනවා . මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බැන්නහැක මහතා සඳහන් කළේ, සිය සංගමය තවදුරටත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















