- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
Author: VNews
රට බංකොලොත්වීමට ප්‍රධාන වශයෙන් කරුණු 02ක් බලපා තිබෙන බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනාවරණය කළා. ඒ අනුව 2020 සහ 2021 වසර වල නිවැරදි තීන්දු වෙනුවට ජනප්‍රිය තීරණ ගැනීම හා රුපියල පා කර හැරීම ඊට හේතුව වී ඇති බවයි ඊයේ කොළඹ පැවති දේශනයකට එක්වෙමින් ඔහු සදහන් කළේ.
නේපාල කණ්ඩායමට එරෙහි එක්දින තරගයේ එක්සත් අරාබි එමීර් ක්‍රීඩක අසීෆ් ඛාන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කර තිබෙනවා. අසීෆ් ඛාන් පන්දු 41කදී ශතකයක් රැස්කළ අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිව්වන වේගවත්ම ශතකය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ. අසීෆ්ගේ ඉනිම හයේ පහර 11කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණා. ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී 310ක් රැස් කළා. නේපාල පිළිතුරු ඉනිම දැන් ක්‍රියාත්මකයි.
ගේලීය බැංකු කඩා වැටීමේ අවධානමක් මතුවීමත් සමග ආසියානු කොටස් වෙළදපොළ පහත වැටී තිබෙනවා. ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ක්‍රේඩිට් සුයිස් බැංකුවේ හටගත් ගැටලු සමග පුළුල් බැංකු අර්බුදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගම ජපානය, හොංකොං හා ඔස්ටේ්‍රලියා කොටස් වෙළදපොළ අගය සියයට එකකින් පමණ පහත වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පසුගිය සතියේ දී අමෙරිකාවේ 16 වන විශාලතම බැංකුව වන සිලිකන් වැලි බැංකුව ද බිඳ වැටී තිබුණා.
දහස් ගණනකට ජීවිත අහිමි කළ සිරියා යුද්ධය ආරම්භ වී මේ වන විට වසර 12ක් ගත වී තිබෙනවා. 2011 වසරේ මාර්තු මස 15වන දින ආරම්භ වු සිරියා යුද්ධයෙන් අහිමිවී ඇති ජිවිත සංඛ්‍යාව හයලක්ෂ දසදහසකට අධිකයි. පසුගිය වසර තුළ දී පමණක් යුධ ගැටුම් හේතුවෙන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකට ජිවිත අහිමි වු බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. තවත් මිලියන 6කට ආසන්න සංඛ්‍යාවක් වෙනත් රටවලට පළා ගොස් ඇති අතර සිරියාව තුළ අවතැන්ව සිටින පිරිස මිලියන 6.9ක්. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ට විරෝධය පළ කරමින් ආරම්භ වු උද්ඝෝෂණත් සමඟ යුධ ගැටුම් ආරම්භ වුණා.
කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා . පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමට ද නියම වුණා.
නවසීලන්තයේ ඇති වු භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. නවසීලන්තයේ කර්මැඩෙක් දුපත්හි රික්ටර් මාපකයේ ඒකක7 යි දශම 1 ක අගයකට භූමි කම්පාවක් හටගත්තා. ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට එරට බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් භූමි කම්පාවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රටේ ආර්ථිකය විනාශ වුවද ඇතැම් පාර්ශව බලය ලබා ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ. කැපකිරීම් තුළින් රට ගොඩ නැගීමට සියලු පාර්ශව එක්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ. මෙරට ප්‍රධාන වී මෝල් හිමියන් ආදායම් බදු ගෙවීම් පැහැර හරින බවට ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කළා.
පළාත් පාලන මැතිවරණය පිළිබද සාකච්ඡා කිරීමට මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක් කර තිබෙනවා. අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ. එමෙන්ම අද සිට දින 10ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ මුදල් ප්‍රමාදය පිළිබද සාකච්ඡා කිරීමට අද මැතිවරණ කොමිසම රැස් වුණා. මුදල් ඉල්ලා පසුගිය 12 වනදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකළ ද ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. යාපනය , කෝපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකුයි මෙලෙස අතුරැදන්ව ඇත්තේ. අතුරුදන්ව ඇති දැරියන් වයස අවුරැදු 14 , 15 සහ 16 යන වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ. මුලතිව් හා උරුම්බිරායි ප්‍රදේශවල සිට අදාළ දැරියන් මෙම ළමා නිවාසයට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් කේපායි පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කොග්ගල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියට කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සහ කළ මෝටර් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අදාළ මෝටර් රථයේ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















