Author: VNews

සෞඛ්‍ය වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව වෛද්‍යවරයාගේ සිට සු`ඵ සේවකයා දක්වා රාජකාරි යෙදී සිටි අය පිළිබදව සොයා බලා වෘත්තිමය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබද කඩිනමින් කටයුතු කරන ලෙසටයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කළා. ඊයේ ක්‍රියාත්මක වූ එක් දින වැඩ වර්ජනය සදහා වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විදුලි සේවකයන් ඇතු`ඵ…

තව කියවන්​න

මේ වන විට පවතින්නේ ඒකාධිපති විධායක ජනාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මෙලෙස විවේචනය කළා.

තව කියවන්​න

වගා කන්න 3 කට පසු පළමු වතාවට මෙරටට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම නෞකාවෙන් මඩ පොහොර මෙට්්‍රක් ටොන් 36 000 ක් මෙරටට රැගෙන විත් ඇති අතර ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිත බව සදහන්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානයේ දායකත්වයෙන් මෙම මඩ පොහොර තොගය ලබා දී තිබෙනවා. මේ අනුව 2023 යල කන්නයට අදාළව වී වගා නොකළ ද මෙරට ලක්ෂ 12 ක් වන සියලුම වී ගොවින්ට මෙම මඩ පොහොර තොගය නොමිලේ ලබා දීමටයි කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ඉදිරියේදී ජනතාවට තවත් සහන ලබා දීමට සූදානම් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රට ඉදිරියට ගෙන යාම සදහා නව ප්‍රතිපත්තියක පිහිටමින් කටයුතු කළ යුතුව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් අවදාරණය කළේ. උද්ඝෝෂණ සහ වර්ජන හේතුවෙන් රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් රුපියල් බිලියන 46 ක් දෛනිකව අපට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙලෙස රට අකර්මණ්‍ය කිරීමට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් කටයුතු කළහොත් දැඩි අර්බුදයක් රට තුළ නිර්මාණය වනු ඇති බටයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

තව කියවන්​න

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගත වීම සදහා නිවසක රැදි සිටි 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකුවිල් ස්විස් ගම්මානයේ පිහිටි නිවසක සිටිය දී යි. මුලතිව් ප්‍රදේශයේ කාන්තාවන් 5 දෙනෙකු, ගැබිනි කාන්තාවන් 3 දෙනෙකු, කුඩා ළමයින් 3 දෙනෙකු පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සහ නිවසක් කුලියට ගැනීමට උපකාර කළ පුද්ගලයෙකු ඒ අතර වනවා.

තව කියවන්​න

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මිසයිලය කිලෝමීටර 1000 ක් දුර පියාසර කර ජපානයේ බටහිර දෙසින් වූ මුහුදේ දී පුපුරා යාමට ලක් වූ බව ද එම මාධ්‍ය වාර්තා වල සදහන් වනවා. මීට පෙර ද අවස්ථා කිහිපයකදී උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබෙනවා.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරු 10.30 ට පැවැත්වෙන බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිරවණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි. මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ මස 9 වන දා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 වන දා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා තීරණය කළා.

තව කියවන්​න

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සිය පළමු ජය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන් යූපී වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 135 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තව කියවන්​න

පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශය විසින් සිදුකළ විශේෂ වැටලීමකදීි එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවිය සහ උණ්ඩ සොරකම් කරන ලද හිටපු යුද හමුදා සෙබළෙකු හා අදාළ සෙබළාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් යුද හමුදා සැරයන්වරයෙකු බව පොලීසිය සදහන් කළා. අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යුද හමුදා සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන…

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගාවලිය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙරට අතර එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න