Author: VNews

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි අතර, නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…

තව කියවන්​න

තුර්කියේ ඇති වූ ගංවතුරක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගියදා ඇතිවූ දරුණු භූමිකම්පාවලට ගොදුරු වූ නගර දෙකක් මෙලෙස ගංවතුරට හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවත්, විපතට පත්වූවන් අතර භූමිකම්පාවෙන් දිවි ගලවාගත් පුද්ගලයන්ද සිටින බවත් එම මාධ්‍ය වාර්තා වල සදහන් වනවා. තුර්කියට මිලිමීටර් 136ක වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනුයි මෙම ගංවතුර හටගෙන ඇත්තේ. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර සිරියානු ජාතිකයන් පස්දෙනෙකුද සිටින බවත්, විපතට පත්වූවන්ට සහන සැලසීම සහ අතුරුදන් පුද්ගලයන් සෙවීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස අබ්දුල් රහ්මාන් පත් කර තිබෙනවා. පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් මෙම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සෙති සදහන් කළේ. මීට පෙර මොහමඩ් යුසුෆ් පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබූ නමුත්, ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස පමණක් ඇෆ්ඝනිස්තාන තරගාවලියේ දී කටයුතු කිරීම නියමිතයි. මාර්තු 24 වැනිදා සාජා හීදී තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, මෙම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශඩාබ් ඛාන් විසින්.

තව කියවන්​න

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර හමුදා පුහුණු හුවමාරු කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබෙනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ඉතාලි ආරක්ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ සිමා අතර පැවැති සාකච්ඡාවකදීයි මේ පිළිබද අවධානය යොමුව ඇත්තේ. ඊට සමගාමිව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය ආරක්ෂ ලේකම්වරයා හමුවු අතර එහිදී දෙරටේ ආරක්ෂක සහයෝගිතාව පිළිබද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබද ඇයගේ විශේෂ අවධානයට ලක්වු බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

තව කියවන්​න

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමටයි. අමාත්‍යවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කළමණාකරන කමිටුව සමග ද විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබද එහිදී සාකච්ඡාවට ලක්වු බවයි අධිකරණ අමාත්‍යංශය සදහන් කළේ.

තව කියවන්​න

සියළු පාර්ශව සමග එක්ව සාධාරණ පොදු එකගතාවකියින් යුතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කිසිදු පාර්ශවයකට වාසියක් වන පරිදි ගිවිසුම්ගත වීමට රජය සුදානම් නොමැති බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුකෙරන කටයුතු පිළිබදවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා කාලය තුළ එම දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇති. නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ දිනවල පෙරවරු 08.00 සිට පස්වරු  06.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය වසා තැබෙනවා. නඩත්තු කටයුතු සිදුකෙරෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ත්‍රත්තවාදය වැළැක්වීම පනත යටතේ සැකකරැවන්ගෙන් ප්‍රශ්න කිරීමටයි අධිකරණය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත්තේ. මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වු මොවුන් දෙදෙනා ඊයේ පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබුණා. සංවිධානාත්මක අපරාධකරුවන් වන මොවුන් දෙදෙනා දිවයිනට රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය කටයුතු කළා. හරක් කටා නැමැත්තාට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා 5ක් සහ අපරාධ චෝදනා ගණනාවක් පවතින අතර කුඩු සලිදු නැමැත්තාට හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම…

තව කියවන්​න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 08ට තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තියවේදීන්ගේ එකමුතුව වෙත යොමු කළ යෝජනා සැලකිල්ලට ගෙන සිය දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද පෙරවරු 08ට අත්හිටුවීමට වෘත්තිය සමිති ඊයේ තීරණය කළා. මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා. සෞඛ්‍ය , අධ්‍යාපන , දුම්රිය, තැපැල්, වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ඊයේ වැඩ වර්ජනයේ නිරත වුණා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණේ. මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා රැසක් ඊයේ දිනයේ අඩපන වී තිබුණා.…

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත නිදහස් කිරිමට කල්මුණේ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඇය වසර හතරක පමණ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගෙන සිටියා. ඒ ෆාතිමා හාදියාට එරෙහිව නඩුව කල්මුණේ මහ අධිකරණයේදී අද(15) විභාගයට ගත් අවස්ථාවේදීයි. සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසයි අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ. එසේම ඇපකරුවන්ට සහ සහරාන් හසීම්ගේ බිරිය වන ෆාතිමා හාදියා හට විදේශගත වීම තහනම් කරමින්ද නියෝගක් අධිකරණය නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න