- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධික උෂ්ණත්වය පවතින දිනවලදී නිවාසාන්තර ක්‍රීඩා තරග පුහුණු පැවැත්වීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය එමගින් දැනුම් දී ඇත්තේ. එමෙන්ම නිවාසාන්තර ක්‍රීඩා තරග පුහුණුවීම් සිදු කරන අවස්ථාවන්වලදී වෙහෙස නිවා ගැනීමට කෙටි විවේකයක් ලබා දිය යුතු බවද අදාළ මාර්ගෝපදේශයන් හි සදහන් වනවා. සෑම විනාඩි 15කටම වරක් ළමුන් ජලය පානය කිරීම වැදගත් බවද අදාළ මාර්ගෝපාදේශයන් හි වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.
බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සමස්ත ලංකා කුකුල් නිෂ්පාදන සංගමයේ ජේ්‍යෂ්ඨ උපදේශක ජයසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් බිත්තර ආනයනය සම්බන්ධයෙන් මේ වන තෙක් අනුමැතිය ලබා නොදී ඇති අතර දියර බිත්තර ආනයනය සදහා කටයුතු කරනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සමස්ත ලංකා කුකුල් නිෂ්පාදන සංගමයේ ජේ්‍යෂ්ඨ උපදේශක ජයසේකර මහතා.
එළඹෙන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් තිදෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මෙලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනු ලබන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දු ලබා දුන් අය බවටයි ඩලස් අලහප්පෙරුම මහතා විසින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
රජය විසින් සිදු කරගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තිය ක්‍රියාමාර්ග කිසිවිටෙකත් අත්නොහරින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා. පසුගිය දා පැවති වැඩවර්ජනයත් සමග රජයට දින කිහිපයක අවකාශයක් අදාල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සලකා බැලීමට ලබා දී ඇති බවටයි ඒ මහතා කියා සිටියේ. කෙසේ වෙතත් හෙට දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සදහා සාකච්ඡාවක් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට පාසල් තෝරා ගැනීම සදහා වන කඩඉම් ලකුණු මාර්තු 22 වනදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පවසනවා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ලකුණු 153කට වඩා ලබා ගත් දරුවන් සදහා 6 ශ්‍රේණිය සදහා වන පාසල් කඩඉම් ලකුණු මෙලෙස නිකුත් කරනු ඇති බවටයි ඇය කියා සිටියේ. ලකුණු 153 ක් සහ ඊට වඩා ලබා ගත් දරුවන් 48 257 කට පාසල් අයදුම් කිරීමට මෙමගින් අවස්ථාව හිමි වනු ඇති. එක් සිසුවෙකුට තමා කැමති පාසල් 10 ක් ඉල්ලා සිටිය හැකි අතර දරුවන් ලබා දෙන අයදුම්පත් විදුහල්පතිවරයා විසින් පරිගණක දත්ත පද්ධතියට ඇතුලත් කරන බවත්, එම දත්ත පරීක්ෂා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය මුදල සදහා වන විධායක කමිටු අනුමැතිය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද රැස් වී අදාල අනුමැතිය ලබා දීම පිළිබද අවසන් තිරණයකට එළඹීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දීමට නියමිතව ඇති බව සදහන්. අදාල මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් සහ මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි එක්වන බවද වාර්තා වනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. “මුව සුව අභිමන් විඳින්න – දිවි ඇති තෙක් සිනා සෙන්න” මෙවර එහි තේමාව වී තිබෙනවා. මෙරට ජනගහනයෙන් සියයට 50 කට ආසන්න පිරිසක් යම් මුඛ රෝගයකට ගොදුරු වී ඇති බව දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා. ජාතික මුඛ සෞඛ්‍ය සංගනනයකට අනුව මෙරට ජනතාව අතර බහුලව පවතින්නේ දත් දිරා යාමේ රෝගය බවටයි ඔහු කියා සිටියේ. එමෙන්ම මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා. මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදු කර තිබෙනවා. අද පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසටයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ. නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා ද පළ වුණා. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කියා සිටියේ තමන් එවැනි දෙයක් නොදන්නා බවයි. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාර දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික්ක…
මාර්තු 17 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 7.8%කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6%කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබෙනවා. ඒ පිළිවෙලින් සියයට 8.3%ක්, 7%ක් සහ 8%ක් ලෙසටයි.
මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දහඅට වංගුවේ ගල් පෙරළීමේ අවදානමක් සහිත ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් අද එම ස්ථානයට ගොස් තිබෙනවා. 18 වංගුවේ දෙවන වංගුවට ඊයේ පස්වරුවේ ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර, නායගොස් ඇති කොටසේ ඉහලින් පිහිටා ඇති ඉතා විශාල ගලක් පහළට වැටීමේ අවදානමක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි. මේ අතර ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය මහ ඉලුප්පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර 116.6 ක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















