Author: VNews

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගව අද පැවැත්වෙනවා. ඉන්දියාවේ චෙන්නායි හී දිවා රාත්‍රී තරගයක ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු තරග දෙක, එක් තරගය බැගින් ජයගත් කණ්ඩායම් දෙක මේ වන විට තරගාවගියේ සම තත්ත්වයේ පසුවනවා. ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැදවිමටයි නියමිතව ඇත්තේ . එහි දී අදාළ තීරණය ගන්නා බව ද මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා . එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා . ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම පක්ෂයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේ. ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද සාකච්චාව සම්බන්ධයෙන්…

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා. ඩිලාන් පෙරේරා මහතා එම ධුරය සදහා තෝරා පත්කර ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක අමල් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් . මේ සදහා තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඊට විරුද්ධ නොවී එය ස්ථිර කිරීමත් පිළිබඳව තමා සතුටු වන බවත් අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළා. එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි…

තව කියවන්​න

තම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අද දිනයේ කොළඹ දී විරෝධතාවක නිරත විමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා . පසුගිය සදුදා ගුරු වෘත්තීය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම් ගුරුමාරු මණ්ඩල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කලේ . ජාතික පාසල් මාරු මණ්ඩලය අහෝසි කරන බවටත්, ගුරු මාරු වීම් සියල්ල අහෝසි කරන බවටත් ගෙන තිබූ නියෝගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවද ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියා. කෙසේ වෙතත් දිවයිනේ සියලුම ජාතකි පාසල් වල දස අවුරුදු හා වාර්ෂික ගරු ැ ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ…

තව කියවන්​න

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු ඊයේ දිනයේ පලා ගොස් තිබෙනවා . ඔහු හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා යොමු කර සිටි අයෙක් බවයි පල්ලෙකැලේ පොලීසිය ප්‍රකාශ කලේ . අදාළ සිරකරු මැයි මස 28 වැනි දින නිදහස ලැබීමට නියමිතව සිටි බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියා .

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 9ක ණය මුදලක් මෙරටට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් . ඇමරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් මෙරටට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ලෙස හෙට දිනයේ ලැබෙනු ඇති බව වාර්තා වනවා . එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍ය බවයි . ශ්‍රී ලංකාව මෙලෙස ලබා ගත් ණය පියවීමට, අවුරුදු 4ත් 10ත් අතර කාලයක්…

තව කියවන්​න

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. 10 දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් අද උදෑසන එහි දිය නෑමට පැමිණ තිබූ අතර ඉන් 04 දෙනෙකු දියේ ගිලි අතුරුදන්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න

ඇමෙරිකාවේ ඇමර්සන් සමාගම තවත් රැකියා කප්පාදුවකට සූදානම් වනවා. යෝජිත නව රැකියා කප්පාදුව ඉදිරි සති කිහිපය තුළදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව තවත් නවදහසකට පමණ රැකියා අහිමිවනු ඇති. පසුගිය මාස කිහිපය තුළදී ඇමර්සන් සමාගම රැකියා 27,000 ක් පමණ කප්පාදුවට ලක් කළා. එය සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 9ක් පමණ වන බවයි වාර්තා වන්නේ. ඇමර්සන් සමාගමේ සේවකයින් ලක්ෂ 3ක් පමණ සේවයේ නිරතවන බව ද සදහන්. මේ ආකාරයටම මෙටා සමාගම ද රැකියා දසදහසක් කප්පාදු කරන බවද පසුගිය සතියේ දී නිවේදනය කළා.

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද දින ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334 යි ශත 93 ක් ලෙසයි. එහි ගැනුම් මිල 316 යි ශත 84 ක් ලෙස දැක්වුණා. ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331 යි ශත 71 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වුණේ 349 යි ශත 87 ක් ලෙසයි.

තව කියවන්​න

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සදහන්. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රදවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකුලව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න