Author: VNews

පොහොර ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත් වීමක් සිදු නොකරන බව රජය පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා. පොහොර ලබා දීමේ වැඩපිළිවෙල රජය මැදිහත් නොවී සිදුකිරීම වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි මෙහිදී සාගල රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දීමට වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඊට එක් නොවන බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සදහන් කළේ.

තව කියවන්​න

යුක්රේනයේ බක්මුට් නගරයේ සිදුවු ගැටුම්වලින් රුසියානු හමුදා භටයින් විශාල පිරිසක් මියගොස් තිබෙනවා. යුක්රේණයේ ප්‍රධාන අණදෙන නිලධාරීයා පවසන්නේ අවම වශයෙන් රුසියානු භටයින් තිස් දහසක් පමණ ගැටුම්වලින් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි. ඔහු පෙන්වා දෙන්නේ රුසියානු හමුදාවට එරෙහිව සිය සෙබළුන් සාර්ථකව ප්‍රහාර එල්ල කරන බවයි. රුසියානු හමුදාව මෑතකාලිනව යුක්රේනයට එරෙහිව ප්‍රධාන ජයග්‍රහණයක් ලබා ගෙන නොමැති බව ද යුක්රේණයේ ප්‍රධාන අණදෙන නිලධාරීයා සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරකයින් 900 ක් සහ කාර්ය මණ්ඩලයේ 463 දෙනෙකුගෙන් සමන්විත වයිකින් නෙප්චූන් නැමති මගී ප්‍රවාහන නෞකාව අද කොළඹ වරායට සේන්දු වුණා. තායිලන්තයේ සිට පැමිණි මෙය නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක්. මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින් අනිද්දා දක්වා මෙරට රැඳී සිටින අතර, ඔවුන් එම කාලසීමාව තුළ කොළඹ, මහනුවර, ගාල්ල, බෙන්තොට සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරය කරනු ඇති.

තව කියවන්​න

අප්‍රේල් මුල් සතියේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව කිරි තේ එකක මිල අඩු කරන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ. මේ වන විට කිරි තේ එකක මිල රුපියල් 100 ක් දැක්වෙනවා.

තව කියවන්​න

නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා නිදහස් කර තිබෙනවා. කයිට්ස් මහේත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම, මසුන් ඇල්ලීම සහ මෙරට මුහුදු සීමාවේ තහනම් පන්ක්‍රම භාවිත කිරීම ඇතුළු චෝදනාවන්ට මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබුණා. අදාළ චෝදනාවන්ට ඔවුන් අධිකරණයේ වරද පිළිගත් අතර වසර 05කට අත්හිටවු සිරදඩුවම් නියම කර නිදහස් කෙරැණා.

තව කියවන්​න

පල්ලෙකැලේ සිර කඳවුරෙන් පළාගිය රැදවියෙකු දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම රැදවියා මහවැලි ගගට පැන යාමේදී මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි. මොහු හෙරොයින් ලග තබා ගැනීමේ වරදකට බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයෙක්. නාවික හමුදාවේද සහය ඇතිව දිය ගිලී අතුරුදන් රැදවියා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

විශ්‍රාම වැටුප් සංශෝධනවලට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණවලදී විරෝධතාකරැවන් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විරෝධතාකරැවන් සමග ඇති වු ගැටුම්වලදී එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 441 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රංශය ස්ථාන රැසක ගිනි තැබීම් සහ ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් සිදුව තිබෙනවා. ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට ද විරෝධතාකරැවන් ගිනිතබා තිබුණා. විශ්‍රාම යන වයස 64 දක්වා ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශය පුරා මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව , උතුරු මැද සහ වයඹ පළාත් වල ඇතැම් ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. එමෙන්ම මහනුවර , නුවරඑළිය , මන්නාරම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ද තැනින් තැන වැසිවාර කිහිපයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඇතැම් ප්‍රදේශව මිලිමීටර 50ට වැඩි තද වැසි අපේක්ෂා කරනු ඇති. ගිගුරැම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරැ වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වසර දෙකකට පසුව අද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්. නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවේලාවෙන් උදෑසන 06. 30ට ආරම්භ වුණා.

තව කියවන්​න

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථමවරට ඝන දුවිලි කුණාටුවක් නිරීක්ෂණය වී තිබෙනවා. පෘථිවියේ සිට අලෝක වර්ෂ 40ක් පමණ දුරින් පිහිටි ග්‍රහලෝකයට මෙය නිරීක්ෂණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කෙළ්. උසස් තාක්ෂණයෙන් යුතු අති නවීන අභ්‍යවකාශ දුරේක්ෂයක් භාවිතයෙන් මෙම දුවිලි කුණාටුව නිරීක්ෂණය කර තිබෙනවා. එම ග්‍රහලෝකයේ වලාකුළු පෘථිවියේ වලාකුළු හා සමාන නමුත් ඒවා තරමක් උණුසුම් වන අතර වලාකුළු මුදුනේ උෂ්ණත්වය ඉටිපන්දම් දැල්ලක උෂ්ණත්වයට සමාන බවයි වාර්තා වන්නේ. චිලී රාජ්‍ය මගින් නිපදවා දුරේක්ෂයක් මෙම ග්‍රහලෝකය පළමුවරට හදුනාගෙන තිබුණා.

තව කියවන්​න