Author: VNews

වර්තමානය වන විට ලෝකයේ බොහෝ පිරිසක් දූර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියා රෝගී තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා කාලය තුළ දී බොහෝ පිරිස් පරිගණක සහ දුරකථන භාවිතයට යොමුවීමත්, වැඩිවෙලාවක් ඇසිපිය නොහෙළීම නිසා මෙම රෝගී තත්ත්වයට මුහුණපා ඇති බව සඳහන්. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ 2050 වසර වනවිට ලොව පුරා ජනගහණයෙන් හරි අඩක් එනම් සියයට 50ක් මෙම මයෝපියා රෝග තත්වයට ගොදුරුවිය හැකි බවටයි. 2010 වසරේ දත්ත වාර්තාවලට අනුව ලෝක ජනගහණයෙන් සියයට 27කට මෙම රෝගී තත්වය වාර්තාවී තිබුණා.

තව කියවන්​න

හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවයි. මේ අතර වෙළෙඳපොළේ ඇති පැකට් කරන ලද දේශීය සහල් බොහෝමයක ශුද්ධ බර අඩුවෙන් පවතින බවට අනාවරණයවී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සුපිරි වෙළෙඳසැල්වල සිදුකළ සෝදිසියක දී මේ පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය ලකුණු 198කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඔක්ලන්ඩ් හිදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 274ක් රැස් කළා. ෆීන් ඇලන් ලකුණු 51යි. පන්දු යැවීමේදී චාමික කරැණාරත්න කඩුලු 04ක් බිදහෙළුවා. පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු පහක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 76ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ඇන්ජලෝ මැතිව් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18ක්. නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු හෙන්රි ශිප්ලි ලකුණු 31කට කඩුලු 5ක් ලබා ගත්තා.

තව කියවන්​න

දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු ”බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් පොලිස් ස්ථානවලින් පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සාම්පල 16,479 කින් සාම්පල 1035 ක කිසිදු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළත් නැති බව අනාවරණය වී තිබුනා. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිදුකල විමර්ශනයකදී මේ පිලිබඳ වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය පහසුකම පිළිබද මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා. මේ කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ණය පහසුකම පිළිබද අදහස් පලකළා. ඔහු කියා සිටියේ රාජ්‍ය වියදම් සදහා අදාළ ණය මුදල යොදා ගතහැකි බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් ණය වියදම් කිරීමේදී රජය විනිවිද භාවයකින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.එල් පීරිස් මහතා සදහන් කළා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මුල්‍ය අරමුදලේ ණය පිළිබද අදහස් පලකළා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව දියුණු රටක්…

තව කියවන්​න

රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. සුවිශේෂී කළමනාකරණ වැඩපිලිවෙලක් යටතේ මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම සමෘර්ධි දිමනා ගෙවීම් කටයුතු ද අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකෙරෙනු ඇති. රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එහිදී මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම රැස්වී නිශ්චිත තීරණයකට එළඹෙනු ඇති. අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මතුව ඇති බාධාවන් පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිස සදහන් කළේ. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණයට අදාළ කිසිදු ඡන්ද පත්‍රිකාවක් රජයේ මුද්‍රණාලයෙන් මෙතෙක් ලැබී නොමැති බවයි. මෙවන් පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබුණා. පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වනදා පැවැත්වීම ද මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව…

තව කියවන්​න

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එල්. එන්. ජී යටිතල පහසුකම් සංවර්ධනය සහ බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කෙළ්. බලශක්ති අංශයේ නව ආයෝජන පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. එමෙන්ම ත්‍රිකුණාමලය කේන්ද්‍රකරගනිමින් තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

තව කියවන්​න

සිය වරප්‍රසාද කඩවු බව පවසා සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම තුළින් සිය මන්ත්‍රීවරැන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිනුයි අදාළ ලිපිය කතානායකවරයාට භාර දී ඇත්තේ.

තව කියවන්​න

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වර්තවනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සමඟ ජනාධිපතිවරයා සිදුකළ සාකච්ඡාවකදී මේ පිලිබඳ අවධානයට ලක්ව ඇති බව සඳහන්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය සඳහා පසුකාලීනව පත් කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්. පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ නිල සේවා කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න