Author: VNews

නඩු භාණ්ඩ ලෙස තිබු ගජමුතු 5ක් චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුයි. දඹුල්ල පොලිස් විශේෂ කාර්යංශයට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ ගජමුතු රැපියල් ලක්ෂ 120කට අලෙවි කිරීමට සැකකරැවන් සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබු බස් රථයකට සහ ත්‍රිරෝධ රථයකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. යතුරැ පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක් යොදා ගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සදහන් කළේ. හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා නිසි පුහුණුවකින් තොරව සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් . එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු පාසලක් ,ජාතික පාසලක් බවට පත් කිරීමට තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ සිටින තෙක් අවස්තාව ලබා නොදෙන බවයි . එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දරුවන්ගේ පාසල් පැමිණීමද අඩු වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී ප්‍රකාශ කළා . මෙම වසරේ මැයි මාසයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවතීමට ද සැලසුම් කර තිබු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ . කෙසේ වෙතත් මෙම…

තව කියවන්​න

මහ බැංකුව ප්‍රකාශ කළ කිසිදු සහනයක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපති අසංක පොතුපිටිය මහතා, මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . බැංකු ගනුදෙනුකරුවන්ට සිදුව ඇති අසාධාරණය ප්‍රකාශ කිරීමට අයෙකු නොමැතිව ඇති බව ද සභාපතිවරයා මෙහිදී සදහන් කළා .

තව කියවන්​න

එළඹෙන ජූනි මාසය අවසානයේදී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත්, එම තරගාවලිය පැවැත්වෙන්නේ කුමන කණ්ඩායමක් සමග දැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නැහැ . අදාළ තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන කිහිපයක් සමගම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා පවත්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ . ඒ අනුව මෙම තරගාවලිය බොහෝ දුරට ශ්‍රී ලංකාව සමග හෝ ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

තව කියවන්​න

වවුනියාව රෝහල වෙත රැගෙන ආ බන්ධනාගාර රැදවියෙකු නිළධාරීන්ගේ භාරයෙන් මිදී පලාගොස් තිබෙනවා . අදාළ රැදවියා රැගෙන විත් ඇත්තේ එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටයි . බන්ධනාගාර නිළධාරීන්ගේ භාරයෙන් මිදී ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා මෙලෙස වවුනියාව රෝහල පසුපස කුඹුරු යායක දිව ගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ . කෙසේ වෙතත් ඉන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන් විසින් එම රැදවියා පසු පස හඹා ගොස් සිය ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වුණා .

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ඊයේ සිට සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා . පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි එහිදී ඔහු සඳහන් කළේ. ඡන්ද විමසීමකින් තොරව 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පසුගියදා තේරී පත් වුණා . ඒ,ඔහු පමණක් අදාළ තනතුර සඳහා නාමයෝජනා භාරදී තිබීම හේතුවෙන් . මේ අතර ඊයේ දිනයේදී නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය ද පැවැත්වුනා . ඒ ,කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී .…

තව කියවන්​න

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා මේ බව අනවාරණ කළා. ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරැ පහසුකම යටතේ මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතයි. අදාළ ණය මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළද කටයුතු සදහා යෙදා ගනු ඇති බවයි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා සදහන් කළේ.

තව කියවන්​න

අද දහවල් කාලයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වූ බව සඳහන්. කෙසේ වෙතත් අද පස්වරුව වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකි වන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ පංචායුධ සහ කරාබු ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පෙරපාසලේ ගුරුවරියන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාරියන් ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. සොරකම් කළ පංචායුධ හා කරාබු ස්වර්ණාභරණ අලෙවිසැල් වෙත අලෙවිකර තිබියදී සොයා ගැණුනා.

තව කියවන්​න