- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ඛණිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යංශයේ ලෙකම් පන්කජ් ජේන් මහතා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. දෙරට අතර බලශක්ති අංශයේ සහයෝගිතාව වර්ධනය කර ගැනී කෙරෙහි මෙහිදී සාකච්ඡා කළ බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ. ඉන්දියානු තෙල් සමාගමේ ප්‍රධානීන් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා. සුර්ය බලයෙන් ආහාර පිසිමේ ගෘහස්ත පද්ධති 500ක් මෙහිදී ඉන්දීය තෙල් සමාගම ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ ත්‍රිකුණාමලය තිරැකෝනේෂ්වරැම් කෝවිලේ පැවති ආශිර්වාද පුජාවකට එක්වුණා.
බස් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මිල සූත්‍රයකට අනුව මෙම සංශෝධනය සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. විනිමය අනුපාතය ස්ථාවර වීමෙන් ඩොලරයට ගෙවිය යුතු රැපියල් ප්‍රමාණය අඩුවන බවත් ඒ අනුව ඉන්ධන පිරිවැය අඩුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
කටුනායක ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර තිබෙනවා. 14 හැවිරිදි මෙම සිසුවා තොටුපළ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී පර්යන්ත (2) එහි බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවයි ගුවන්තොටුපල පොලිසිය සඳහන් කලේ. ඇමතුම අනුව නිලධාරීන් එම පර්යන්තය පරික්ෂා කිරීමේදී විනාඩි කිහිපයකින් නැවතත් එම සිසුවා ඇමතුමක් ලබා දෙමින් තමන් සිදුකළේ විහිළුවක් බවට දැනුම් දී තිබෙනවා. අනතුරුව කළුබෝවිල සුනන්දාරාම පාර පාරේ පදිංචි මෙම සිසුවා පොලිසියට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර , සිසුවා මෙම ක්‍රියාවේ බරපතල බව නොදන්නාකමට සිදු කළ ක්‍රියාවක් බවට අනාවරණය වීම හේතුවෙන් ඔහුට…
අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 1 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ අනුව එළවළු, පළතුරු, රෙදිපිළි ඇතුළු ඕනෑම නිෂ්පාදනයක් අලෙවි කළ හැකි බවයි. ඊට අදාළ අවසර පත්‍ර ප්‍රදේශීය ලේකම්වරුන් මගින් නිකුත් කිරීමට නියමිතයි
බෙන්නු නම් ග්‍රහකයේ මතුපිටින් එක්රැස් කළ පාෂාන පෘථිවියට රැගෙන ඒමේ මෙහෙයුම ලබන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව නාසා ආයතනය පවසනවා. ඔසිරීස් රෙක්ස් අභ්‍යවකාශ යානයෙන් රැගෙන එම මෙම පාෂාණ කැප්සියුලය පැරෂුටයක් මගින් අමෙරිකාවේ උටා කාන්තාරයට ගොඩබෑමට නියමිතයි. එය ඔසිරීස් රෙක්ස් අභ්‍යවකාශ යානය මගින් ග්‍රාහක සම්පලයක් පෘථිවියට රැගෙන එන පළමු මෙහෙයුම මෙවනවා.
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ලැබී ඇති අයදුම්පත් අතරින් සුදුසුකම් සහිත පුද්ගලයින් කොමිෂන් සභා සදහා තෝරා ගැනීම සිදුකරන බවයි. ඒ අනුව ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයදුම් පත් සලකා බැලීම පසුගිය සිකුරාදා සිදුකෙරැණා. ස්වාධීන කොමිෂන් සභා 10ක් සදහා සාමාජිකයින් පත්කර ගැනීමට නියමිත අතර ඒ සදහා අයදුම්පත් 1600ක් පමණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී තිබෙනවා.
අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට පත්වු පුද්ගලයින් බේරා ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි. කුණාටුවේ දැඩි බලපෑමට ලක්වු බටහිර ෂර්කි ප්‍රාන්තයේ රෝලිං ෆෝක් නගරය සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හමුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මිසිසිපි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කළා.
ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 74 යි ශත 99ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 69 යි ශත 26ක් ලෙස දැක්වුණා.
දිය වැලකට හසුවු පුද්ගලයින් සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ පානදුර මුහුදු තීරයේ දියනාමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. දියවැලට හසුව දියඹට ඇදී ගිය පුද්ගලයින් අතර කාන්තාවක් සහ කුඩා දැරියක් ද සිටි බවයි පොලිසිය සදහන් කළේ. මොවුන් දියගම , ගල්පාත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හමුවක් සිදුව තිබෙනවා. කැනඩාවේ ඔන්ටාරියේහිදී මෙම හමුව සිදුව ඇත්තේ. අංශ කිහිපයක් ඔස්සේ දෙරටේ නායකින් සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දේශසීමා හරහා නීතිවිරෝධිව සංක්‍රමණය වීම සදහා පැමිණෙන සියලු දෙනා ආපසු හරවා යැවීමට මෙහිදී දෙරටේ නායකයින් එකග වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















