Author: VNews

අල්ලස් ලබා ගැනීමට තැත් කල බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදි රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙසන් ලබා ගැනීමට තැත් කල මෙම ග්‍රාම නිලධාරිවරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඡන්ද හිමි නාම ලේඛනයට පැමිණිලිකරුගේ හා ඔහුගේ බිරිඳගේ නම් ඇතුළත් කරදීම සඳහා එලෙස අල්ලස් ලෙස මුදලක් ලබාගත් බවටයි අනාවරණ වී ඇත්තේ.

තව කියවන්​න

රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී තිබෙනවා. ඒ, වොෂින්ටනයේ පිහිටි අයි.එම්.එෆ්. ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදියි. මෙහිදී බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෘත්තියවේදීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කලේ.

තව කියවන්​න

රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම පිලිබඳ මේ වන විට සමාජය තුල විවිද මත පල වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු සදහන් කළේ රාජ්‍ය සේවකයින් සිය යුතුකම් ඉටු කිරීම පසෙකලා ඉල්ලීම් පමණක් දිනා ගැනීමට යාම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි. එමෙන්ම පුද්ගලිකරනය කරනු ලබන සෑම රාජ්‍ය සේවයක්ම ලාභ ලබන ආයතන නොවන බවයි ඒ මහතා පවසන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා නව ත්‍රස්ත පනත මහින් රාජ්‍ය සේවකයා පිඩාවට පත් කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම එම පනත ක්‍රියාත්මක වීමේදී ජනතාවට සිය අයිතීන් උදෙසා සටන් වැදීමටද නොහැකි තත්වයක් මතුවන බවයි…

තව කියවන්​න

මුල්‍ය ගැටළු හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් සිදුකළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයකර ඇති මුදල රැපියල් කෝටි 15කට අධිකයි. එමෙන්ම මැතිවරණය වෙනුවෙන් මුද්‍රණ කටයුතු සදහා සේවයේ යෙදුණු මුද්‍රණාල සේවකයින්ගේ දීමනා ගෙවීමට මෙතෙක් මහා භාණ්ඩාගාරය මුදල් ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. ඒ වෙනුවෙන් රැපියල් කෝටි 4ක මුදලක් මුද්‍රණාලයට ගෙවීමට නියමිතයි. මේ පිළිබදව රජයේ මුද්‍රණාලයේ අධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් ද කර තිබෙනවා.

තව කියවන්​න

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලමක් කළ බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසම කැඳවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සටහන අත්නොහරින බවයි. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජන බලයට බය වී ඇති බවයි විපක්ෂ නායක සජිත්…

තව කියවන්​න

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප වැඩි කළ යුතුව ඇති බවයි. ජා ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප රැපියල් විසි දහසකින් පමණ ඉහළ යනු ඇති බවයි. මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බැවින් සිංහල දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ අනෙකුත් ආනයනික භාණ්ඩවල මිල ගණන් පහත වැටෙන බව  අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක…

තව කියවන්​න

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 11 කට සීමා වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 131 ක්. එහිදී ඩේවිඩ් මිලර් ලකුණු 48 ක් රැස් කිරීමට සමත් වුණා . පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රලේ හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් දවා ගත්තා . තරගය ජය ගැනීම සදහා පන්දුවාර 11 කදී ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ කඩුලු 7ක් පමණක් දැවී සිටියදීයි. එහිදී බටහිර ඉන්දීය…

තව කියවන්​න

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන හිමිකරගත හැකි මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටියා. දියගම ක්‍රීඩාංගනය මේ වන විට පත්ව තිබෙන තත්ත්වය පිළිබද නිලධාරීන් සොයා නොබැලීම පිළිබද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් පලකළා.

තව කියවන්​න

සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , චාරැදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ රැස්වු විශේෂ කාරක සභාවේදී මේ පිළිබද තීරණයක් ගත් බවයි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා ද අදහස් පලකළා. අමාත්‍යවරයා කියා සිටියේ මේ හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල දින 18ක් අඛණ්ඩව වසා දමා ඇති බවයි. ඕනෑම මොහොතක විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට තමන් සුදානම් බවයි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා සදහන් කළේ.

තව කියවන්​න

අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගොවි ජනතාව වෙතින් මෙවර මහ කන්නයේදී මිල දී ගන්නා ලද වී , මේ සඳහා යොදාගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඒ අනුව දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට මුල් අදියර යටතේ සහල් බෙදාදීම සිදුවනු ඇති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුකොළපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශ වලින් හෙට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

තව කියවන්​න