Author: VNews

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහූගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්ම අභියෝගයට ලක්කිරීම හේතුවෙන් එරට ආරක්ෂක ඇමතිවරයාව ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව අගමැතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ගිණි පන්දම් රුගෙන විශාල ජනතාවක් ඊයේ රාත්‍රියේ වීදි වලට පැමිණ විරෝධය පළ කළ බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මෙලෙස විරෝධතා ඇතිවීමත් සමග අගමැතිවරයා ගත් තීරණය ගැන නැවත සාකච්ඡා කිරීම සදහා අගමැති බෙන්ජමින් නෙතන්යාහූ නියෝජනය කරන දේශපාලන සන්ධානය අද දිනයේ රැස් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා වෘත්තීව පුහුණු අධිකාරියේ පනත මාස 03ක් ඇතුලත යාවත්කාලීන කරන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් මෙම අධිකාරියට නියෝග කළා. වසර 09ට පසු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කෝප් කමිටුවට හමුවට කැදවූ අවස්ථාවේදී මෙම පනත අසම්පූර්ණ සහ වර්තමාන තත්ත්වයට නොගැලපෙන බැවින් මෙම නියෝගය නිකුත් කරන බවයි කෝප් සභාපතිවරයා සදහන් කළේ. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් එහිදී මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් වාර්තාගත ජයක් ලැබීමට ඊයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්තුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 258ක් රැස් කළා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොන්සන් චාලර්ස් පන්දු 46දී ලකුණු 118ක් රුස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ ලකුණු 259ක් රැස් කරමින් කඩුළු 6ක ජයක් වාර්ථා කළා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 44කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 100ක්. ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹා…

තව කියවන්​න

ජනතා විමුක්ති පෙරමුණ රට දියුණු කිරීමට අකමැති පක්ෂයක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් . එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් හසු කර ගැනීමට නොහැකි වූ සොරකම් සම්බන්ධයෙන් තවමත් එම පක්ෂය ප්‍රකාශ නිකුත් කරන බවයි . මේ අතර පසුගිය කාලය පුරාවට පැවති දුෂිත පාලනට සුජාත බව එක් කරනු ලැබුවේ මැතිවරණ ප්‍රතිපල බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ පානදුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් . එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයින් දියුණු වී ඇත්තේ බැංකු මගින් ලබාගත් නය මුදල් නිසි ලෙස ආයෝජනය කර , ඒවා නිසි ලෙස ගෙවා දැමීම තුලින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රටද ඒ ආකාරයෙන් ක්‍රියා කල යුතු බවයි. කිසියම් ආයතනයකින් නය ලබා ගැනීමේදී අපට අවශ්‍ය ආකාරයෙන් කොන්දේසි පැනවිය නොහැකි බවද ඒ මහතා කියා සිටියා.

තව කියවන්​න

කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ කිරිපිටි මිල පහත දැමීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. ඒ අනුව රුපියල් 100ක් ව පවතින කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කරන බවයි ඒ මහතා කියා සිටියේ. මේ අතර අප්‍රේල් මස මුල සිට කිරිපිටි මිල ගණන් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පසුගියදා තීරණය කළා. එම සංසදයේ සමාජික අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල…

තව කියවන්​න

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා. එම අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති . අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතයි.

තව කියවන්​න

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන අද ආරම්භ කෙරෙනවා. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට මෙලෙස සහල් ලබා දීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ. ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ. පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හම්බන්තොට ලුනම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා…

තව කියවන්​න

ජර්මනියේ – හැම්බර්ග් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හැම්බර්ග් හි මාසයක් තුළ වාර්තාවූ දෙවන වෙඩි තැබීමේ සිදුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මීට පෙරද හැම්බර්ග් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් අටදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලැබුවා.

තව කියවන්​න

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අද දිනයේදී අභ්‍යවකාශ ගත කළා. මෙලෙස අභ්‍යවකාශ ගත කර කෙරුනේ එක්සත් රාජධානියේ සමාගමකට අයත් චන්ද්‍රිකා 36ක් බව සඳහන්. අද උදෑසන චෙන්නායි ආසන්නයේ වු ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම චන්ද්‍රිකා රැගත් රොකට්ටුව අභ්‍යවකාශ ගත කල බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. මේ සමගම මෙම වසරේ දී ඉන්දිය අභ්‍යවකාශ ඒජන්සිය මගින් කක්ෂ ගත කිරීමට අපේක්ෂා කරන චන්ද්‍රිකා සංඛ්‍යාව 616ක් වන බව සඳහන්..

තව කියවන්​න