Author: VNews

බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දියාගෝ ගාෂියානි දූපතේ කදවුරක වසර එකහමාරක් තිස්සේ රදවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වනවා. ඔවුන් ආහාර ලබා ගැනීම ද ප්‍රතික්ෂේප කරමින් මෙම උද්ඝෝෂණයේ නිරතවන බව සදහන්. බ්‍රිතාන්‍ය සහා ඇමෙරිකානු ඒකාබද්ධ කදවුරක ස්ථාපිත කූඩාරමක මෙම 57 දෙනා රදවා සිටිනවා. මෙම පිරිස මන්නාරම පේසාලෙයි සිට නීතිවිරෝධි ලෙස යාත්‍රාවකින් කැනඩාව බලා ගමන් කරන අවස්ථාවේදී එම යාත්‍රාව අනතුරට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඊට ආසන්නව ඇති දියාගෝ ගාෂියානි දූපතට මොවුන් සේන්දු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න

ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද දිනයේත් සිදු කිරීමට නියමිතයි. මෙහි කටයුතු පසුගිය සතියේදී ආරම්භ වූ අතර අවස්ථා කිහිපයකදීම ව්‍යවස්ථාදායක සභාව රැස් වුණා. එමෙන්ම මැතිවරණ, සීමා නීර්ණ කොමිසම සහ ජාතික පොලිස් කොමිසම ඇතු`ඵ කොමිෂන් සභා 10 ක් සදහා සාමාජිකයින් පත් කිරීමට අදාල අයදුම්පත් කැදවීමද පසුගියදා සිදු කෙරුණා. එම අයදුම්පත් වෙන වෙනම කාණ්ඩ යටතට පත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සදහා පුද්ගලයින් කැදවා තිබෙනවා. එම පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාල ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනු සදහා විශ්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට මගපෙන්වීමක් බවද අමාත්‍යවරයා පැවසුවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීම සදහා යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ඇතු`ඵ දීමනා සදහා රුපියල් බිලියන 196 ක මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා පැවසුවා. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවදුරටත් ණය…

තව කියවන්​න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට එරෙහිව මෙම උපවාසය ආරම්භ කළ බවයි. එම සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පැවසුවේ බලධාරින්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. මේ අතර සිය ඉල්ලීම් සදහා මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද පෙරවරුවේ විකාශය වූ සිද්ධමුල්ල කාලීන සංවාදයට එක්වෙමින් සදහන් කළේ තම ගැට`ඵ සම්බන්ධයෙන් රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ චිතගෝර් හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වූ අතර එම තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස බංග්ලාදේශය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමෙන් නොයා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය සදහන් කළේ. මියගිය පාසල් සිසුවා 16 හැවිරිදි වියේ පසුවන මහනුවර මාදබෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

තව කියවන්​න

පාකිස්තාන කණ්ඩායම සමග පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුළු 7ක ජයක් වාර්ථා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු තුනක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

කාන්තා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ තරගාවලියේ අවසන් මහා තරගයෙන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම කඩුළු 7න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 131ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 3ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තව කියවන්​න

මාවනැල්ල නගරයේ මත්පැන් අලෙවි සැලකට පැමිණ ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ලබා දී මත්පැන් මිලදී ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන මාවනැල්ල රංදිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න