Author: VNews

ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා. එහි කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවටයි ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ. මේ අනුව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව ජාතික වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් සහ කර්තව්‍යයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවට අදාළ සේවා, ව්‍යවස්ථා බඳවා ගැනීමේ පටිපාටිය, වැටුප් සහ දීමනාවලට අදාළ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ අනුව පැවරෙනු ඇති.

තව කියවන්​න

අධි උද්දමන රටවල් ලැයිස්තෙුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා. ඒ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුවයි. ඔහු විසින් ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට අධික කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබීම විශේෂත්වයක්. ඔහුගේ උද්ධමන දර්ශයකට අනුව බොහෝ කාලයක් එහි දෙවන ස්ථානයට පත්ව සිටියේ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්දමනයක් ඇති රටක් ලෙසටයි. කෙසේ වෙතත් මාර්තු 23 වනදාට අදාළව ඔහු නිකුත් කර ඇති දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති අතර අධි උද්දමනය ඇති තවත් රටවල් 18 ක් ඒ සදහා ලැයිස්තුගත කර තිබෙනවා.

තව කියවන්​න

වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි. ඒ රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබද සාකච්ඡා කිරීමට මෙතෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් නොලැබීමත් සමග ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබද එකගතාවයකට පැමිණීම සදහායි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන දෙන ලෙස ඊයේ දිනයේදී යළිත් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි. මේ අතර සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනය තවත් දැඩි කරන බවටයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

බිත්තර ආනයනයෙන් මෙරට වෙළදපොළ තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ඇන්ටන් නිශාන්ත මහතා කියා සිටියේ බිත්තර නිෂ්පාදකයකින් මේ වන විට මව් කිකිළියන් මස් පිණිස නිෂ්පාදනය සදහා විකිණීමට පෙළඹීම හේතුවෙන් බිත්තර හිගය තවත් උග්‍ර වනු ඇති බවයි. මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වනිගරත්න මහතා කියා සිටියේ ඉදිරියේදී ද බිත්තර මිලියන 10 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සදහා ඇණවුම් කර ඇති බවයි. එමගින් මෙරට පවතින බිත්තර හිඟය පහව යනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම බේකරි නිෂ්පාදකයින් ද පැවසුවේ බිත්තර හිඟය හේතුවෙන් උත්සව සමය සදහා කේක්…

තව කියවන්​න

ඉන්ධන මිල අඩු කිරීම මගින් විදුලිබිල පහත දැමීම සම්බන්ධව යෝජනාවලියක් කඩිනමින් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළදපොලේ ගල් අඟුරු මිල පහත යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම යන කරුණු සලකා බලමින් අදාළ ඉල්ලීම සිදු කළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ. ඉන්ධන මිල පහත දැමීම තුළින් විදුලි ගාස්තුව සියයට 20 කින් පමණ අඩු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

ඊච්චලන්පත්තුව – ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි වියේ පසුවන ඊච්චලන්පත්තුව ප්‍රදේශයේදම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු අද මූතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හේතුවෙන් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට සිදු වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වී ඇති බව සදහන්. එමෙන්ම එම රෝහලේ තවත් වෛද්‍යවරුන් රැසක් රට අතහැර යාමේ සූදානමක පසුවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියේ. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව බරපතල අසීරුතාවයකට මුහුණ දී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත්…

තව කියවන්​න

මාස කිහිපයක සිට ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40 000 කට අධික සංඛ්‍යාවකගේ ජල සබදතා විසන්ධි කිරීමට සිදු ව ඇති ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අය විය යුතු බවයි. මීට අමතරව එම පුද්ගලයින්ගෙන් 1500 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වන විට සැලසුම් කර ඇති බව සදහන්. ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන වන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමීමත් සමග බිල්පත් ගෙවීම සියයට 40 ක් දක්වා අඩු වී තිබෙනවා.

තව කියවන්​න

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක් දින තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ. දෙරට අතර පැවති පළමු එක්දින තරගය ජයගත් දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න