Author: VNews

රුසියාව සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබෙනවා. සංශෝධිත නව ප්‍රතිපත්තියට අනුව බටහිර රාජ්‍යන්ට එරෙහිව කටයුතු සංවිධානය කිරීමට විශේෂ සන්ධානයක් නිර්මානය කිරිමටයි අවධානය යොමුකර ඇත්තේ. අවසන් වරට රුසියාව සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇත්තේ 2016 වසරේදීයි. යුක්‍රේන ආක්‍රමණය හමුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, රුසියාවට අඛණ්ඩව සම්බාධක පැනවීම පදනම් කරගනිමින් මෙම සංශෝධනය සිදුකර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතීත්වය, රුසියාවට හිමිවීම පිළිබඳව යුක්‍රේනය සිය විරෝධය කළා. යුක්‍රේනය පවසන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක රුසියාවට සභාපතීත්වය දීම හාස්‍ය දනවන කරුණක් බවයි.

තව කියවන්​න

ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලබන මැයි මාසයේ නව දේශපාලන පක්ෂය පිහිටුවන බවයි. නව පක්ෂයට විවිධ සංවිධාන සහ පුද්ගලයින් එක්කර ගැනීමේ සාකච්ඡා ක්‍රියාත්මක බව ද පාඨලි චම්පික රණවක මහතා සදහන් කළා. පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ණය හිමියන් සමග සාකච්ඡා කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කළා.

තව කියවන්​න

ඉන්දන මිල අඩු වුවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් . කේ ජයවර්ධන මහතා සඳහන් කලේ ඉන්දන මිල ඉහල යාම හේතුවෙන් කිසිදිනෙක බේකරි නිෂ්පාදන වල මිල ඉහල ගොස් නොමැති බවයි. නමුත් ආනයනික බිත්තර බේකරි සඳහා ලබාදීමත් සමග ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිල පහල දැමීම පිලිබඳ තීරණය කරන බවයි එන්.කේ ජයවර්ධන මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2027 වසර අවසන් වන විට ලංකාව බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ. මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම එළිදැක්වීම සිදු වුණා. ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව බිම් වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර තිබෙනවා.

තව කියවන්​න

වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගනු ඇති. පාසල් සිසුන් පිරිසක් ඊයේ රථ පෙළපාලියෙන් බදුල්ල නගරයට පැමිණි අවස්ථාවේදී ඔවුන් යළි හරවා යැවීමටද පොලිසිය කටයුතු කර තිබුණා. එවන් පසුබිමක් තුළයි අදාළ සිසුන් හිස් ඉඩමක රථ පෙළපාලිය ලෙස පවත්වා ඇත්තේ. අදාළ ජීප් රථය පැදවූ සිසුවාද එම අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. ඔහු ඇතුළු ජීප් රථයේ ගමන් ගත් සිසුන් නව දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී සිසුන් දෙදෙනෙක් මිය ගිය අතර…

තව කියවන්​න

ඇඟලුම් අපනයන ආදායම අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයක් මගින් අනාවරණය කර තිබෙනවා. මාර්තු 31 වෙනි දින නිකුත් කරන ලද පසුගිය පෙබරවාරි මාසට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර ඇති බව සඳහන්. 2022 පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක් වී තිබූනා. මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී තිබෙනවා. එමෙන්ම පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1012.5ක් උපයාගෙන ඇති අතර මෙම වසරේ මුල් මාස දෙකේදී එය ඩොලර් මිලියන 855.7 දක්වා අඩු වී ඇති බවයි එම…

තව කියවන්​න

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන රැදවියන් වෙන් කර තැබීමට නව වැඩපිළිවෙක් සකස් කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. බරපතල අපරාධකරුවන් සහ සුළු වැරදි සඳහා බන්ධනාගාරගතවන රැදවියන් මිශ්‍රවීම වළක්වා ගැනීම සදහායි මෙම නව වැඩපිළිවෙල සකස් කර ඇත්තේ. මේ අතර නව ප්‍රතිත්‍රත්ත පනත ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි සකස් කරගත් පනතක් බවට ජාතික ජන බලවේගය චෝදනා කරනවා. කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ නව පනතේ වැඩි බලයක් ජනාධිපතිවරයා විසිල් ලබාගෙන ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද නව ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය මහව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් දුම්රිය ධාවන කටයුතු සීමා කර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

තව කියවන්​න

ඉන්දු – ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශවිය සමුද්‍ර අභ්‍යාසය හෙට ආරම්භවීමට නියමිතයි. මෙවර සමුද්‍ර අභ්‍යාසය අධියර දෙකක් යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඉන්දියාව නාවික හමුදාවේ කිල්තාන් සහ සාවිත්‍රි නෞකා මෙම සමුද්‍ර අභ්‍යාසයට එක්වනු ඇති. සමුදුර සහ විජයබාහු යන නෞකා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අභ්‍යාසයට එක්වීමට නියමිතයි. දෙරට අතර සහයෝගිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම සමුද්‍ර අභ්‍යාසය සංවිධානය කර තිබෙනවා. එමෙන්ම ඩ්‍රෝන යානා මෙන්ම දෙරටේ හමුදා නියෝජනය කරමින් විශේෂ බලකායක්ද මෙම සමුද්‍ර අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

තව කියවන්​න

වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගනු ලබන ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද හෙට පැවැත්වෙන සාකච්ඡාවට එක්වනු ඇති. මේ අතර නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. සිය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිපියක් යොමු කර ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සදහන් කළේ. කෙසේවෙතත් තාවකාලික විසදුමක් ලබා දෙන්නේ නම් සිය වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සදහන් කළේ.

තව කියවන්​න