- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් සදහා වැටුප් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මාර්තු 09 වන දා සිට අප්‍රේල් මස 25 වන දා දක්වා වූ මූලික වැටුප ගෙවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සදහන් කළා.
වෘත්තිය සමිති සංගම්වලට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වෘත්තිය සමිති සංගම් කොළඹ මාර්ග කිහිපයක් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය දෙසට පෙළපාලි යාම වළක්වමින් අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනව බව සදහන්. මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ ඇතැම් වෘත්තිය සමිති රට තුළ අඛණ්ඩ ගැටුම් නිර්මාණය කිරීමට සූදානම් වන බවයි. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේ රජය විසින් වෘත්තිය සමිති ව්‍යාපාර අඩපණ කිරීමේ සූදානමක් පවතින බවයි.
උත්සව සමය තුළ වංචාකාරි වෙළදුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා දැනුම් දෙනවා. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි පොලිසිය වෙත ලැබී ඇති බවයි. එමෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු උත්සව කාලය තුළ ජාවාරම්කරුවන් විසින් මුදා හැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා.
ලාෆ් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පවසනවා. ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමෙන් පසුව සිය සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ. මේ අතර ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගම ඊයේ ප්‍රකාශ කළා. එහි සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට නියමිත බවයි.
ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, මෙම තත්ත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ. අවසන් වරට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟයි. මේ අතර හෝටල් ආශ්‍රිත ආහාර රැසක මිල ගණන් හෙට දිනයේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා…
වසර 50ට පසු මිනිසෙකු සද මතට රැගෙන යාමට නාසා ආයතනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සදහා ගගනගාමීන් සිව්දෙනෙකු නම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. ඒ අනුව සද මත සිදු කරන මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු කාන්තා ගගනගාමියා ලෙස ක්‍රිස්ටිනා කොච් නම් කර තිබෙනවා. එමෙන්ම සද මත සිදු කරන මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු කළු ජාතික ගගනගාමියා ලෙස වික්ටර් ග්ලෝවර් නම් කර තිබෙනවා. මීට අමතරව රීඩ් වයිස්මන් සහ ජෙරම් හැන්සන් මෙම මෙහෙයුම සදහා තොරාගත් සෙසු ගගනගාමීන් දෙදෙනා වනවා. සද මත සිදු කරන මෙම මෙහෙයුම 2024 අගභාගයේදී හෝ 2025 මුලදී සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා…
මොණරාගල, පල්ලේවෙල බැද්ද ප්‍රදේශයේදී ගිණි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු එම ප්‍රදේශයේ කම්මල්කරුවෙක් වන අතර, අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ගිණි අවි නිෂ්පාදනයට යොදා ගන්නා යකඩ බට 03ක්, ගිණි අවි අච්චු 02ක් ඇතුළු ගිණි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සොයාගත් බව පොලීසිය සදහන් කළා. සැකකරු අද සියඹලාආණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නාරාහේන්පිට, ඇල්විටිගල ප්‍රදේශයේදී කූඨ ලේකන සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. එහිදී සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 02ක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර 02ක්, විවිධ කාඩ්පත් 11ක්, විවිධ පුද්ගලයන්ගෙන් සොරකම් කළ බවට සැක කරන රියදුරු බලපත්‍ර 18ක් සහ හැඳුනුම්පත් 4ක් මෙන්ම පරිගණකයක් වැටලීම සිදු කළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සැකකරු 37 හැවිරිදි නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අතිරේකව රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ වනවිටත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කර ඇති බවයි ඇමතිවරයා සදහන් කළේ. ඒ අනුව මහ කන්නයේ වී ඇස්වැන්න මිල දී ගැනීම සඳහා වෙන් කර ඇති මුලු මුදල රුපියල් බිලියන 13ක් වනවා.
මැලේසියාවේ බරපතල අපරාධ සදහා අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම එරට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. ඒ අනුව දැනට මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 1,300ක් සදහා මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. 2018 වසරේ සිට මැලේසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තරහනම් කර තිබුණද මීනීමැරුම් සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල අපරාධ 11ක් සදහා මෙලස අනිවාර්ය ලෙස මරණ දඬුවම පනවා තිබුණා. කෙසේ වෙතත් සුවිශේෂී අවස්ථා වලදී මරණ දඬුවම පැනවීමේ අභිමතය විනිදුරුවන් සතු වන බවද එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා. ඒ අනුව බරපතල අපරාධ සදහා අධිකරණය විසින් වසර 40ක් දක්වා සිරදඬුවම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















