- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
මාර්තු මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව වාර්තා වනවා. 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේදී වීම විශේෂත්වයක්. රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වනවා.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ඊශ්‍රායලයේ කතා නායක අමීර් ඕහානා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් හමු වී තිබෙනවා. එම හමුව සදහා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දියාවට පැමිණ සිටින ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ද එක්ව සිටිනවා. මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුව තිබෙනවා. එහිදි පුනර්ජනනීය බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව හා සංචාරක ව්‍යාපාරය යන අංශ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ඩකා මීපූර් ක්‍රීඩාංගනයේදීයි. තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. එමෙන්ම අයර්ලන්තය ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු ලබන්නේ වසර 4 කට පසුව වීම ද විශේෂත්වයක්. මේ අතර පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට අයර්ලන්තය කඩුලු 03 ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 65 ක්.
ඔස්ට්‍රේලියාව රජයේ කටයුතු හා සම්බන්ධ වන ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධයෙන් අද නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. බ්‍රිතාන්‍ය, නවසීලන්තය, කැනඩාව සහ ඇමෙරිකාවේ ටික් ටොක් යෙදවුම සදහා මේ වන විටත් තහනමක් පනවා තිබෙනවා. චීනය විසින් හිමිකාරිත්වය දරණ ටික් ටොක් යෙදවුම හරහා සිය රටවල තොරතුරු චීන ආරක්ෂක අංශ මගින් ලබා ගැනීමට පවතින අවදානම හේතුවෙන් රටවල් රැසක මෙම යෙදවුම තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේ හේතුවෙන් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔහු පැවසුවේ. එහිදි අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා. මේ අතර රුහැණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. විපක්ෂ නායකවරයා චෝදනා කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් දරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බයි. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවයි. ඒ හේතුවෙන් එම…
සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස 03 ක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙම පත් කිරීම මාර්තු 26 වන දා සිට ක්‍රියාත්මකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එහි සභාපති කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පළමුවනදා රැස් වුණා.
මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන් වෙත ලැබී ඇති බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළා. ඒ අනුව යෝජිත ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි කතා නායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. එමෙන්ම සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බව ද කතා නායකවරයා පැවසුවා.
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදු කර තිබෙන්නේ. ඒ අනුව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම පත්වීම වසර 5ක කාලයක් සදහා වලංගු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පැවතියා.
දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද දිනයේ සිට ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව බිත්තර ග්‍රෑම් 01 ක් ශත 80 ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ. දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද දිනයේ සිට මධ්‍යම පළාතේදී පළමුවෙන් ආරම්භ කරන බවද ඔහු පැවසුවා.
ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් එක් දහස් පහකින් අඩු කර තිබෙනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 402 කින් පහළ ගොස් තිබෙනවා. මේ අතර කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 183 කින් පහළ දැමූ බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. මේ අතර ලාෆ් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















