Author: VNews

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතය. සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණක් බව වැඩි දුරටත් සදහන් කළා මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු බවද සදහන් කළා

තව කියවන්​න

කොට්ටාව මාලඹේ පාර නිවසක අනියම් බිරිය හමුවීමට පැමිණ සිටි පුද්ගලයෙකු හදිසියේ අති වූ හෘදයාබාධයක් හේතුවෙන් එම නිවස තුළදීම මියගොස් ඇතැයි කොට්ටාව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ පදවිය සිරිපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි යුද්ධ හමුදා සෙබළෙක්. මොහු මරදාන යුද්ධ හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී කොට්ටාව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ අනුව කාන්තාව හමුවීම සඳහා එම නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගෙන බියර් පානය කොට එහි රැදී සිටියදී එක්වරම ඔහුට පපුවේ අමාරුවක් සෑදී ඇති අතර එය සමනය කිරීම සදහා කාන්තාව මහත් පරිශ්‍රමයක් දරා ප්‍රථමාධාර දී ඇතත් එය ව්‍යාර්ථ වීමෙන් මෙසේ මිය ගොස් ඇති බව සඳහන්. හෝමාගම…

තව කියවන්​න

දහස් ගණන් ජනතාවගේ ගමනාගමන කටයුතු පහසුකරවිමේ අරමුණෙන් කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකා ඩොලර් මිලියන 10.5ක් ඒ සඳහා වෙන් කිරීමට අදාළ ගිවිසුමටත් අත්සන් තැබුණා. කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලක්ෂයකට අධික ජනතාවකට සිය ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා කුරින්චකර්නි පාලම උපකාරී වනවා. මෙම පාලමේ ඉදිකිරීම් මීට පෙර ආරම්භ කෙරුණ ද අතරමග නතර වී තිබෙනවා. එහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන්කෙරෙනවා.

තව කියවන්​න

පොලිස් නිලධාරීන් අතර බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අනිවාර්යයෙන් ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, සෑම සෙනසුරාදා දිනකම උදෑසන කාලයේ ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

තව කියවන්​න

හෙට දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, එම පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා. මේ වන විට ගුවන් ගමන් 20කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර 29ක් පමණ ප්‍රමාද වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

තව කියවන්​න

මහ බැංකුව විසින් අද  දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 285.9946ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.6048ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු නිවේදනයන්ට අනුව අනෙකුත් සුදුසුකම් සපුරාලිය යුතු අතර, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

තව කියවන්​න

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ අය වැය යෝජනා ලබා ගැනීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.

තව කියවන්​න

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

තව කියවන්​න