
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු මුවදොර දෙසට මැරතන් තරගය ගමන් කරමින් පවතිනවා. මේ හේතුවෙන් අද කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව පෙරවරු 10.00 දක්වා මැරතන් තරගය පැවැත්වෙන මාර්ගවල රථවාහන සීමා පැනවීමට නියමිතයි කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය සඳහා තරගකරුවන් 5,000කට වැඩි පිරිසක් සභාගි වනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීවයි මෙම තරග ඉසව්ව සංවිධානය කර ඇත්තේ. මෙරට ක්‍රීඩකයන්ට අමතරව කෙන්යාව, ඉතියෝපියාව ඇතුළු විදේශ රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය ධාවකයන් 130කට වැඩි පිරිසක් මෙවර තරගාවලියට එක්වනවා.














