
ජල භීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදී තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින්. සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයින් වාණිජ අරමුණු සදහා අභිජනනය කිරීම නියාමනය කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හදුන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.














