ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකියාව ලැබුණා.
ඒ ඔස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 216ක් රැස්කළා.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ෂේන් වොට්සන් පන්දු 52කින් ලකුණු 107ක් රැස්කළේ හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහර 9ක් ද එල්ල කරමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී ලකුණු 220ක් ලබා තරගය ජය ගත්තා.