
විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය වෙනුවෙන් ඉන්දියාව සිය මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඖෂධ, අධිකරණ වෛද්‍ය සැපයුම්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ නිදන බෑග් ඇතුළු තවත් සහනාධාර ටොන් 11ක් නේපාලය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. ‘X‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් සඳහන් කළේ, මෙම නවතම ආධාර තොගයත් සමඟ නේපාලයේ නැවත යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා සහාය වීමට ඉන්දියාව කැපවී සිටින බවයි. නේපාල ඛේදවාචකයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් චිට්වාන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. එරට ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කරන්නේ, අතුරුදන්ව සිටින පුද්ගලයින් අතරින් 13,756 දෙනෙකු බේරාගෙන ඇති බවයි.














