Author: VNews

නායකයෙකු ලෙස තමන් ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දී අසාර්ථක වු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චරිත් අසලංක මේ බව ප්‍රකාශ කලා.

තව කියවන්​න

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත්…

තව කියවන්​න

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල…

තව කියවන්​න

ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් මෙරට තුළ ඇති කිරීම වෙනුවෙන් 2023- 2027 කාලය දක්වා වන පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සහිත “ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය” සකස් කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය. එමඟින් 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය16% සිට 20% දක්වා ඉහළ නැංවීම, ශ්‍රම බලකායට වන ව්‍යවසායකත්ව දායකත්වය 2.8% සිට 7% දක්වා ඉහළ නැංවීම, මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය 14% සිට 20% දක්වා ඉහළ නැංවීමද ඉලක්ක කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා…

තව කියවන්​න

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමිනි. 75,000ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන…

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 297.8582ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 307.1744ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

පොලිස්පතිවරයා සම්බන්ධ අර්බුදයේදී ජනාධිපතිවරයා තීරණයක් ගැනීමට මැළිවන්නේ තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ චේතනාවෙන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ  බුල්නෑව ප්‍රදේශයේ පැවති ගොවි හමුවකදියි.

තව කියවන්​න

පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද  රැස්වී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහාය දැක්වීමට කැපවන බවට ප්‍රතිඥා දුන් බවය.

තව කියවන්​න

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවය.

තව කියවන්​න

ටී 56 වර්ගයේ ගිණිඅවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව අරනගන්විල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කළ වැටලීමකදි සැකකරු ගිණි අවි සමග අත්අඩංගුවට ගැනුනා. ටී 56 ගිණිඅවි දෙක සමග මැගසින් දෙකක් ද පතොරොම් 60ක් හා දුරදක්නයක් මෙන්ම කඩුවක් ද අත්අඩංගුවට ගත් බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළේ.

තව කියවන්​න