- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
Author: VNews
පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රැස් වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමේ මාවතේ පිහිටි නිළ නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීම සදහායි.
ජනාධිපතිවරණයට සමගාමීව පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කොට තිබෙනවා.
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු නායක කිං ජොන් උන් විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම ඊයේ සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් අවුරුදු 34 සහ 54 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අමෙරිකාවේ නිව්යෝක්හි රොචෙස්ටර් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 20ක් පමණවන අතර, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.
නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඵලදායි ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගෙන ඇති ඇති අතර, පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් විවිධ ගැටළු මතුවී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක මහ මැතිවරණයක් ද ප්‍රකාශයට පත් කළහොත් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අනිවර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඔහු කියා සිටියා.
නාවික හමුදාව මඟින් මඩකලපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 25 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඩකලපුව කිරිමිච්චයිඔඩායි දමිල විද්‍යාලය, මතුරන්කර්නිකුලම් දමිල විද්‍යාලය සහ වාකරේ කොකුවිල් දමිල විද්‍යාලයේ දරුවන්ගේ යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්දනය කිරීම වෙනුවෙන් පවත්වන ලද අතර, දරුවන් එක්සිය පනස් හයක (156) පමණ පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන තුළ දන්ත සායන පැවැත්වීමද සිදු කෙරිණි. තවද, මෙම ජංගම වෛද්‍ය සේවාව සඳහා සහභාගී වූ පාසල් දූ දරුවන් සහ ගුරුභවතුන් වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහ යුනිලීවර් සමාගමේ අනුග්රහක දායකත්වයෙන් ත්‍යාග පිරිනැමීමද සිදු කෙරුණු අතර, එම…
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම මේ වන විටත් ආරම්භ කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.
ඉදිරි මාස කීහිපයේ දී දිවයිනේ ප්රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222












