Author: VNews

අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයයි. එහිදී අදහස් දක්වමින්අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. රට ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා ජනපතිට සහයෝගය ලබාදිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. මේ අතර තමා කිසිම පක්ෂයක් සමග සන්ධානගත වී කටයුතු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා. ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් .

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව IPL. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා. 2023 තරගවාරය සඳහා චාමික ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු කොල්කටා කණ්ඩායමෙන් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව පැට් කමින්ග්ස්, සිවම් මාවි, සෑම් බිලින්ග්ස් හා මොහොමඩ් නබී ද එළඹෙන තරගවාරයේදී නිදහස් කර තිබෙනවා. ඒ් අනුව ඔවුන් එළඹෙන IPL වෙන්දේසියේදී යලිත් එම කණ්ඩායමට හෝ වෙනත් කණ්ඩායමකට ලබාගත හැකිිියි. චාමික පසුගිය IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට කොල්කටා කණ්ඩායම විසින් මිලදී ගත්තද ඔහු එහිදි කිසිදු තරගයකට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මෙරට පවත්වනු ලබන ප්‍රධානතම ජාතික තරගාවලිය බවට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය සඳහා වන කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ. තරගාවලිය මෙම මස 16 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේදී බ්ලූස්, ගීන්ස්, ග්‍රේස් සහ රෙඩ්ස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී බ්ලූස් කණ්ඩායම සත්‍යා සංදීපනී විසින්ද, ග්‍රීන්ස් කණ්ඩායම කවීෂා දිල්හාරි විසින්ද, ග්‍රේස් කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම විසින්ද සහ රෙඩ්ස් කණ්ඩායම නිලක්ෂි ද සිල්වා මෙහෙය වනවා. මෙම තරගාවලියේදී ප්‍රධාන පුහුනුකාරියන් ලෙස කාන්තා පුහුණුකාරිණියන් පත් කිරීමද කැපී පෙනෙන ලක්ෂණයක්.්‍ මෙහි විශේෂත්වය වන්නේ ඔවුනට සහයෝගය ලබාදීම වෙනුවෙන් පුහුණු උපදේශකවරුන් සිව් දෙනෙකුද…

තව කියවන්​න

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක් පරිත්‍යාග කර තිබෙනවා. මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට ලබා දුන් පොරොන්දුවකට අනුව මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා. මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක මුදලක් පරිත්‍යාග කිරීමටයි කටයුතු කලේ . එමෙන්ම බි්‍රතාන්‍යයේ පැවැති…

තව කියවන්​න

මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා. ඇය නවදිල්ලි අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර චෝදනා ගොනු කර ඇති නිසා තම භාරකාරත්වය අවශ්‍ය නොවන බව පවසමින්. එමෙන්ම, පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ඉන්දීය රුපියල් 50,000 ක පුද්ගලික බැඳුම්කරයක් මත අධිකරණ්‍ය ඇයට තාවකාලික ඇප නියම කළා. ජැකලින් ෆර්ඩිනැන්ඩස්, ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් චෝදනාවකට බන්ධනාගාරගතව සිටින සුකේෂ් චන්ද්‍රශේකර් ට එරෙහි නඩුවේ විත්තිකාරියක්. ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණන් කප්පම් ගත් සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් සුඛෝපභෝගී මෝටර් රථ, පෞද්ගලික ජෙට් චාරිකා, හෝටල් නවාතැන් ඇතුළු මිල අධික තෑගි ලබා…

තව කියවන්​න

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ දුම්රිය අනතුරක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද(15) පෙරවරු 9.30ට පමණ මීගමුව බලා පිටත් වූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේදීයි. එම නිසා කුරණ සහ මීගමුව අතර දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ අද උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කරගනිමින්. රෝහල් ගත කළ සිසුවියන් අතුරින් පිරිසක් ඊයේ වෙන්නප්පුව ප්‍රදේශයේ වොලිබෝල් තරගාවලියක් සඳහා ද සහභාගි වී තිබෙනවා. මාතලේ රෝහලෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඔවුන්ට පවතින බවයි.

තව කියවන්​න

අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ එක් එක් සැකකාරියකට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප මත මත මුදාහැර තිබෙනවා. ඒ අදාල පිරිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්ද අමරසිංහ මහතා වෙත අද(15) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට යන මාර්ගයේ වීදි නාට්‍යයක් රඟදැක්වීමට ගිය අවස්ථාවේදී ඇය ඇතුළු පිරිස ඊයේ(14) අත්අඩංගුවට ගැනුණා. ඒ කුරුඳුවත්ත පොලිසිය විසින්. එලෙස අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

තව කියවන්​න

රුසියානු හමුදා යුක්රේනයේ කර්සන් ප්‍රදේශයේ යුද අපරාධ සිදු කර ඇති බවට යුක්රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි චෝදනා කරනවා. කර්සන් ප්‍රදේශයේ යුද අපරාධ සිද්ධීන් 400 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර රුසියානු හමුදාව විසින් ඝාතනය කළ සාමාන්‍ය වැසියන් සහ යුක්රේන සෙබලුන්ගේ සිරුරු ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියාව පවසන්නේ. එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයාගේ චෝදනා මේ වන තුරු තහවුරු කරගෙන නොමැති අතර යුක්රේන ආරක්ෂක අංශ කර්සන් නගරයට ඇදිරිනීතිය  පනවා ගමන් තහනමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

තව කියවන්​න

G20 රාජ්‍ය නායක සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී  ආරම්භ වනවා . සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් ඊයේ දිනයේදී සිදු වුණා . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී දෙපාර්ශවය අතර තායිවානය පිළිබද ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කල බවයි . චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා .

තව කියවන්​න