Author: VNews

ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යසනයක් මේ වනවිට පවතින බැවින්, මෙරටට ලබාදෙන ණය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතු බව හෙජ් අරමුදලේ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා. මේ වනවිට විවිධ සංවර්ධිත රාජ්‍යයන් විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ණය සහන ලබාදෙමින් සිටින පසුබිමක දී හෙජ් මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, ණය ලබාදීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය ගෙවීම් පැහැර හැර ඇති රාජ්‍යයක් බවට පත් වී ඇති බවට පෙන්වා දෙමින්. ශ්‍රී ලංකාව පසුගිය වසරට පමණක් අමරිකානු ඩොලර් බිලියන 51ක ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව සදහන් . මෙවන් අයහපත් ආර්ථික පසුබිමක් ඇති රටක පුද්ගලික ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්නන් සිය ප්‍රතිලාභ සම්බන්ධයෙන්…

තව කියවන්​න

බිත්තර ආනයනයේ දී ඩොලර් වැය නොකර ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළලසුම් කර තිබෙනවා. මෙරට සතු ඩොලර් සංචිත සීමිත වීම ඊට හේතුව බව සදහන් . අද දිනයේ බිත්තර ආනයනය සඳහා ජාත්‍යන්තර මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා අවසන් කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා බිත්තර ආනයනයට අදාළ කටයුතු සිදු කෙරෙන අතර එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ බිත්තර මිලියන 20ක් ආනයනයට සැලසුම් කර ඇති බවයි. පළමු අදියර යටතේ බිත්තර මිලියන 5ක් ආනයනය කරන බව ද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව පළමු තොගය ඉන්දියාවේ ,තමිල්නාඩුවෙන් ආනයනය කිරීමට සැළසුම් කර ඇති අතර ඒ…

තව කියවන්​න

මැතිවරණයක් කල් යාම හෝ නොයාම තමන්ට අදාළ කාරණයක් නොවන බවත්, මැතිවරණ කොමිසමට අදාළ කාරණය වන්නේ පනතේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීම බවත් ,මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා . ඒ අනුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල මේවනවිට අවසන් කෙරෙමින් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. ඔහු මෙම අදහස් පැවසුවේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට් එක්වෙමින් .

තව කියවන්​න

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ජීවන වියදමට සරිලන වැටුපක් හෝ දීමනාවක් ලබානොදීම, ලබාගත් බැංකු ණය සඳහා ණය පොලී ඉහළ දැමීමට විරෝධය පළ කිරීම සහ බහුකාර්ය සේවා සඳහා බඳවා ගැනීම් නතර කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. අප කළ විමසීමක දී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ මෙම වර්ජනයෙන් හදිසි සේවා ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි අප වාර්තාකරු පැවසුවේ .

තව කියවන්​න

ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ, මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක් මිස රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් නොමැති බවයි. අනුරාධපුර ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළකළා .

තව කියවන්​න

තලවකැලේ, හින්දු කෝවිලක් අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා . පසුව එම බිලිඳිය ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත භාරදුන් බවයි තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ . ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර තිබෙනවා . බිලිඳිය දින 12 – 14ක පමණ වයසැති බවත්, ඇය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සදහන් . බිලිඳිය ත්‍රිරෝද රථය තුළ…

තව කියවන්​න

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපලක වහල් සේවයේ යොදවා සිටිය දී නිදහස් කරගත් තවත් ශ්‍රී ලාංකික තරුණයන් හයදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. අද අලුයම අල් ජසීරා ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණි බව සඳහන්. මෙම පිරිස ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කින්නියා ප්‍රදේශයේ තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් කුවේට් වෙත පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මොහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ දී නිවසේ සිවිලිමේ සඟවා තිබියදී මෙම ගංජා තොගය සහ ලෝහ වර්ග සොයන ස්කෑනර් යන්ත්‍රයක් සොයාගත් බව වාර්තා වනවා . පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එහි පිටත්ව ගොස් ඇති බව සඳහන්.

තව කියවන්​න

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් ඔහු දිවුරුම්දී සතියක කාලයක් ඉක්මවා යාමටත් පෙරයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජේ්ර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම විරෝධතාවලට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීල ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළුවී එහි දේපළවලටද හානි සිදුකර තිබෙනවා. බ්‍රසීල ජාතික ධඡයේ වර්ණවලින් සැරසී සිටි විරෝධතාකරුවන් එරට ජනාධිපති මන්දිරය ආසන්නයේද විරෝධතාවල නිරත වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ . කෙසේ වෙතත් විරෝධතාකරුවන් පලවා හැරීම සදහා එරට ආරක්ෂක අංශ කදුළු ගෑස්…

තව කියවන්​න

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළදී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා. ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ. සේපාල් අමරසිංහ රදවා සිටිනේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ බවයි සඳහන් වන්නේ. එහිදී ඔහුට මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් . මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර ගත කරන පුද්ගලයන්ට බන්ධනාගාර ගත කර…

තව කියවන්​න