- හෙද හෙදියන් 3500ක් අලුතෙන් සේවයට
- අද සිට සතොස ගබඩා 06 ක්
- කැරිබියන් දූපත්වල ප්‍රබල භූකම්පනයක්
- සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Author: VNews
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය යළි දීර්ඝ කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන ගංවතුර අනතුරු ඇගවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කළ බවයි. එමෙන්ම ගිං ගඟ ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම ද දීර්ඝ කර තිබෙනවා. මේ හේතුවෙන් එම ගංගා දෙපස පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
දකුණු කොරියාවේ බුචියොන් නගරයේ ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. ගින්න ඊයේ රාත්‍රි හටගෙන ඇත්තේ දකුණු කොරියාවේ බුචියොන් නගරයේ මහල් ගොඩනැගිල්ලකයි. විදුලි කාන්දුවක් මීට හේතුව බව බලධාරින් පවසනවා. මෙහිදී මරණ දෙකක් සිදුව ඇත්තේ ගොඩනැගිල්ලෙහි සිටි පිරිස ගින්නෙන් බේරීම සඳහා ගිනි නිවන ආරක්ෂක නිලධාරින් විසින් සපයන ලද වායු මෙට්ටයක් මතට පැනීමේදි එය පෙරලී යාමෙන්. ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මකයි. ගින්නෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයින්ට අමතරව විෂ දුමාරය ආග්‍රහණය වීමෙන් තවත් පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.
අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයේ නොගුජි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් සෞඛ්‍ය ලේකම් හමුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට රෝහල් තුල ක්‍රියාත්මක කරනු ලබන තත්ත්ව කළමණාකරණ වැඩපිළිවෙල නිරික්ෂණය, අධීක්ෂණය, තොරතුරු ලබාගැනීම සහ පුහුණුව ලබාගැනීම සදහා ගානා හි නොගුජි Noguchi වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් පසුගියදා මෙරටට පැමිණි අතර, එම නිලධාරි පිරිස අද පෙරවරුවේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හමු හමුවිය. එහිදී එම නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක ඉහත වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ අතර, ලොව දියුණුවෙමින් පවතින රටවලට එම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කම ද පෙන්වා දෙන ලදි. දස දෙනෙකුගෙන් යුත් එම නියෝජිත පිරිස දින 10 ක් මෙරට රැදී සිටිමින් මෙරට රෝහල්තුල ක්‍රියාත්මක තත්ත්ව කළමණාකරණ වැඩපිළිවෙල…
ආර්.අයි.ටී අලස් අනුස්මරණ අභියෝගතා කුසලාන රග්බි තරගය හෙට පැවැත්වෙනවා. ඒ කොළඹ ඩී.එස් සේනානායක සහ මරදාන සහිරා විද්‍යාලය අතරයි. 2018 වසරේදී ආරම්භ වුණු මෙම රග්බි තරගය මෙවර පැවැත්වෙන්නේ 07 වන වරටයි. මරදාන සහිරා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447 ක් පමණ (කිලෝ මීටර් 827 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති බව, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 අගෝස්තු මස 21 වන දින දැනුම් දීමක් සිදු කර ඇත. පේදුරු තුඩුව ධීවර වරායෙන් 2024 ජුලි මස 07 වන දින ධීවරයින් සිව් දෙනෙකු (04) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක 1DAY-A-0184 KMN දරණ එක්දින ධීවර යාත්‍රාව ආපදාවට පත්වී ඇති බවත්, එම යාත්‍රාව මුදාගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව…
වත්මන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක් පුරාවට සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ එම කටයුතුවල ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (23) කරාපිටිය ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්ව වසරක් පමණ වන ඉතා කෙටි කාලයක් තුල කරාපිටිය ජාතික රෝහල තුල ක්‍රියාත්මක කර වැඩ අවසන් කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දැනට ක්‍රියාත්මක සහ වැඩ අවසන් කර…
රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 08/22 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි . ඔහු 08/22 දින පස්වරු 04.00 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ…
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන වීසා වංචාව මගින් රටේ දේශ සීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණා දැමුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඊයේ (22) පස්වරුවේ මොරටුවේ පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම පිණිස පැවැති ජන හමුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය. “සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන්නේ එදා 2019 දී පැවැත්වුණා වගේ සාමාන්‍ය ජනාධිපතිවරණයක් නෙවෙයි. මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බංකොලොත් රටක. 1815 මාර්තු 02 වෙනිදා අපට නිදහස අහිමි වෙලා…
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අතරින් පැමිණිලි 747ක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙනුයි. ප්‍රඛණ්ඩ ක්‍රියා එකක් සහ මැතිවරණය පිළිබද වෙනත් පැමිණිලි 23ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222