Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

    ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

    2024-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447 ක් පමණ (කිලෝ මීටර් 827 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති බව, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 අගෝස්තු මස 21 වන දින දැනුම් දීමක් සිදු කර ඇත.

    පේදුරු තුඩුව ධීවර වරායෙන් 2024 ජුලි මස 07 වන දින ධීවරයින් සිව් දෙනෙකු (04) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක 1DAY-A-0184 KMN දරණ එක්දින ධීවර යාත්‍රාව ආපදාවට පත්වී ඇති බවත්, එම යාත්‍රාව මුදාගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

    ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, Thomas Mery (ලියාපදිංචි අංක TN 02 MM 1976) නමැති ඉන්දීය ධීවර යාත්‍රාව මඟින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව එම ධීවරයින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් මඟින් චෙන්නායි ධීවර වරාය වෙත රැගෙන එමින් පවතින බව කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මෙලෙස 2024 අගෝස්තු මස 21 වන දින දැනුම් දී ඇත.

    තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ මෙන්ම, යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් කලාපයන් තුළද ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.

    පෙර පුව​තවැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
    ඊළඟ පුව​ත ආර්.අයි.ටී අලස් අනුස්මරණ අභියෝගතා කුසලාන රග්බි තරගය හෙට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group