- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දේව මෙහෙයකට එක් ව සිටි පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම පිපිරීම සිදු කර තිබෙනවා. මිය ගිය පිරිසෙන් වැඩි පිරිසක් පොලිස් නිලධාරින් වන අතර, පල්ලියේ ඉදිරි පේලියේ අසුන්ගෙන සිටි පුද්ගලයෙකු මරාගෙන මැරෙන පිපිරීම සිදු කර ඇති බවට යි සැකකරන්නේ.
පිරිමි ළමයෙකු දින හයකට පසුව වෙනත් රටකින් හමු වුණ පුවතක් බංගලාදේශයෙන් වාර්තා වනවා. 15 හැවිරිදි මෙම පිරිමි දරුවා මෙසේ හැංඟිමුත්තන් ක්‍රීඩාවක් සිදු කරන අතරතුර බංග්ලාදේශයේ නැව් කන්ටේනරයක් තුළ සැඟවී ඇති අතර, පසු ව කන්ටේනරය අගුළු දමා මැලේසියාව බලා යාත්‍රා කොට ඇති බව සඳහන්. ජනවාරි 11 වැනි දින මෙම දරුවා චිතගොං වරාය නගරයේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී අදාළ අවස්ථාවට මුහුණ පා තිබෙනවා . අනතුරුව එම කන්ටේනරය මැලේසියාව බලා ගමන් කරන වාණිජ නෞකාවකට පටවා ඇති අතර, එහි දී දින හයකට පසු ජනවාරි 17 වැනි දින මෙම දරුවා මැලේසියාවේ බටහිර වරායේ දී එරට බලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනවා . කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීරණයේ දී රැස් වූනා . එහි දී තීරණය කර ඇත්තේ, ලබන මස 15 වනදා දක්වා මීට අදාළ අයදුම්පත් භාර ගැනීමටයි. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඡන්ද විමසීමක් සිදු කරන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම්පත් කැඳවීම දේශපාලන විරෝධි ක්‍රියාවක් බවට තමන් ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි .
කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ නැඹුරුතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ දේශපාලන පක්ෂයක ප්‍රචාරනයක් සදහා සිය ඡායාරූපයක් සංසරණය වන බවට තමාට නිරීක්ෂණය වූ බවයි. කෙසේ වෙතත්, තමා කිසිදු පක්ෂයකට නැඹුරුතාවයක් නොදක්වන බවත්, තානාපතිවරයෙකු ලෙස තමා කිසිදු අයුරකින් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නොමැති බවත් දසුන් සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
මුදලට විවිධ පුද්ගලයින්ගේ ශරීර අවයව ලබා ගැනීම සඳහා තැරැව්කරුවෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් . එම කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී ජංගම දුරකථන 02ක් සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ . මෙම සැකකරු අද දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .
පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 32 දෙදෙනෙකු මියගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පකිස්තාන බලධාරීන් පවසනවා. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාල පල්ලිය තුළ යාඥාවක් පැවැති බවත්, ඊට සහභාගී වීම සදහා ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් පල්ලිය වෙත පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. බෝම්බය පුපුරා යාමත් සමග දේවස්ථානයේ වහලයේ කොටසක් සහ බිත්තියක් කඩා වැටී ඇති අතර එම සුන්බුන්වලට යටවී බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවද සදහන්. තුවාල ලැබූ පිරිස අතර සිටින බොහෝ දෙනෙකු…
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඊයේ සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළලේ දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට එරට හිටපු නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන ඇලන් බෝර්ඩර් පදක්කම ඔහු හිමි කර ගත්තේ සිව්වැනි අවස්ථාවට වීම විශේෂත්වයක්. “ශේන් වෝන් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය උස්මාන් කවාජා විසින් හිමි කර ගත්තා. ඩේවිඩ් වෝනර් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, මර්කස් ස්ටොයිනිස් වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් මෙහිදී සම්මානවලින් පිදුම් ලැබුවා.
ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව කේන්ද්‍රගතව පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . එය අද සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර හෙට පෙරවරුවේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ . ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා . දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
පළාත් පාලන මැතිවරණ වේදිකාව එන්න එන්නම උණුසුම් වී තිබෙනවා. මේ, මැතිවරණ වේදිකාවේ සිට ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන් පල කල අදහස්.
මැතිවරණ කොමිසමට අයදුම්පත් කැඳවීම සිදු නොකළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අනුව එම කොමිසමට සාමාජිකයින් පත් කිරීම වහාම නවතා දැමිය යුතු බවයි විපක්ෂනයකවරයා අවධාරණය කළේ. පළාත් පාලන මැතිවරණයට අදාලව සිය මැතිවරණ ව්‍යාපාරය කොළඹදී ආරම්භ කිරීමෙන් අනතුරුව කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















