- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මෙරට වත්මන් ආර්ථික, සමාජයීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එවැනි තීරණ විකල්ප පමණක් වන අතර රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණය කරනවාද? නැතහොත් ආයෝජනයක ගමන් කරනවාද? සහ කළමනාකාරීත්වය පමණක් භාර දෙනවාද? වැනි විවිධ ක්‍රමවේද මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. විශාල වෙනස්කම් සිදු නොකර එදිනෙදා ආදායම් මාර්ග වැඩිකර ගත හැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර වෙන් වශයෙන් සාකච්ඡා කර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී…
සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට උපදෙස් ලබා දුන්නා. සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය සහ සිංහල සංස්කෘතික ආයතන එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබදද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා. සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් එහි පහසුකම් සංවර්ධනය කර ආයතනයට…
විදුලි කප්පාදුව අද දිනයේත් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළා. ඒ මේ දිනවලදී ජල විදුලිබලය නිෂ්පාදනය සඳහා ජලාශවලින් වැඩිපුර ජලය නිකුත් කිරීමට ජල කළමනාකරණ කමිටුව තීරණය කිරීම හේතුවෙන් . උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වනදා දක්වා විදුලි කප්පාදුව අත්හිටුවන ලෙස මහජන උපයෝගිතා කොමිසම ද විදුලිබල මණ්ඩලයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදු කළා . එහෙත් ඔවුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු අතර එවන් පසුබිමකයි විදුලි උත්පාදනයට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ මහවැලි අධිකාරිය වෙත ලිපියක් යොමුකර තිබුණේ. මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ , ජල කළමනාකරණ කමිටුව…
විදුලි බිල වැඩි කිරීමක් යලි සිදු කළහොත් පාන් ඇතුලු බේකරි නිෂ්පාදනයන්ගේ මිල අනිවාර්යයෙන්ම ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපත් එන්.කේ ජයවර්ධන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද(30) කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා කියා සිටියේ බේකරිවල විදුලි බිල දැනටමත් දෙගුණයකින් ඉහළගොස් ඇති බවයි. යළි විදුලි බිල වැඩි කිරීමක් කළහොත් බේකරි හිමියන්ට එය දරා ගැනීමට නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බේකරි කර්මාන්තය අවශ්‍ය පාන් පිටි, බිත්තර සෙසු අමුද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමත් ඉන්ධන සහ විදුලි බිල වැඩිවීමත් හමුවේ බේකරී කර්මාන්තය විශාල කඩා වැටීමකට ලක්ව…
පකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් පොලිස් නිලධාරීන් ඇතුළු 33 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පකිස්ථානයේ පොලිස් මූලස්ථානයක් තුළ පිහිටි මුස්ලිම් පල්ලියක් තුළ මෙම පිපිරීම සිදුව තිබෙනවා. බෝම්බ පිපිරීමෙන් පසුව රටම සීරුවෙන් තැබීමටයි රජය තීරණය කර ඇත්තේ. දහවල් යාඥා මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ. පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් මාධ්‍ය වෙත කියා සිටියේ පල්ලියේ යාඥාව සඳහා නිලධාරීන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් සහභාගි වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. ප්‍රහාරය හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් සුන්බුන් යට වැළලී…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථමවරට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කර තිබෙනවා. 2022 වසරේදී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම ප්‍රගතිය ළඟා කර ගැනීමට පිටුවහල් වුණ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා පැවසුවේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී ඔහු ඒ බව පැවසුවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ මෙය සිදු වී දින 12කට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගත නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවයි. මෙම තර්ජන සිදු කරන පුද්ගලයා විදේශගතව සිට එය සිදු කළ ද ඔහුට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව තුළදී ලැබෙන බව පැහැදිලි කාරණයක් බව ද පැෆරල් සංවිධානය පවසනවා. මෙම පරීක්ෂණ ප්‍රමාද වීම ජනතාවගේ විශ්වාසය බිඳවැටීමට හේතුවක් වනු ඇති බවද එම සංවිධානය අවධාරණය කළා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.…
ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමට ටැන්සානියාවේ ජනපතිනී සමියා සුහුලු හසන් මහත්මිය කටයුතු කර තිබෙනවා . ටැන්සානියාවේ මෙම ජාතික නිදහස් දිනය සෑම වසරකම දෙසැම්බර් 9 වැනිදාටයි යෙදී ඇත්තේ . ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් ලක්ෂ හතර හමාරක් පමණ වැය කිරීමට නියමිතව තිබූ අතර උත්සවය අවලංගු කරමින් එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට ඇය කටයුතු කළා. වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කළා. ඒ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් . ඒ අනුව අද පස්වරු 06 සිට පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස යි දැනුම් දී ඇත්තේ. මෙහි එහි බලපෑම හේතුවෙන් දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශද රළු විය හැකි බැවින් හෙට සිට දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා .
රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් කුරු`ඵ උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි. බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වැලිසර පිහිටි පශු රෝහලද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















