- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
සේපාල් අමරසිංහ මහතා පෙබරවාරි මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(31) නියෝග කර තිබෙනවා. ශ්‍රී දළදා වහන්සේට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද(31) කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. තමන් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමට සැකකරු සූදානම් බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කියා සිටියා. එසේම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙවත කරුනු දැක්වීමටද බලාපොරොත්තු වන බවයි. සැකකරුගේ කටහඬ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරයේදියි මෙම හමුව සිදුව ඇත්තේ. එහිදි දෙපාර්ශවය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එමෙන්ම මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමුව තබෙනවා.
පාකිස්ථානයේ පේෂාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදියි මෙම පිපිරීම සිදුව ඇත්තේ. මෙය පාකිස්ථානයේ වසරක පමණක කාලයකදී සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ.
එළැඹෙන ජනාධිපතිවාරණයේදී තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කර ජයග්‍රහණයක් ලබාගත හැකි බවට තමාට විශ්වාසයක් පවතින බවයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් ඇතු`ඵ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම පනතට සංශෝධන ඇතුළත් කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමටත් මෙම අනුමැතිය හිමිව ඇති බව සඳහන්. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එම සංගමය නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ අද දිනයේදී ජනාධිපතිවරයාට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක්ද යොමු කරන බවයි. මේ අතර වරායේ සිය`ඵ වෘත්තීය සමිති හෙට ඒකරාශී කරගනිමින් තීරණයක් ගන්නා බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය පවසනවා. එමෙන්ම අසාධාරණ බදු අය කිරීමට එරෙහිව ඊයේ දිනයේද වරාය සේවකයින් විරෝධතාවයක නිරත වුණා.
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ ර`ඵ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අද දිනයේ දී ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර දිවයින වටා වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය හෙට දිනයේ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
පළාත් පාලන කොමසාරිස්වරු සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ. ඡන්දය පැවැත්වෙන කාලසීමාව තුළ පළාත් පාලන ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇත. මේ අතර පළාත් පාලන මැතිවරණ නිරීක්ෂණයට අවසර ලබා දෙන නිරීක්ෂණ සංවිධාන සම්බන්ධයෙන් තීරණය කිරීම ලබන මස මුල් සතියේ සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඒ වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. හෙට සිට පෙබරවාරි 04 වන දා දක්වා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. ඊට අමතරව තවත් මාර්ග කිහිපයක රථ ධාවනය ද සීමා කෙරෙනු ඇති.
පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපය ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන් පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයට අනවසරෙන් ඇතුලුවී ඡායාරූප ගත කිරීම සම්බන්ධයෙන් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන් යාපනය සහ කුරුඳුවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















