- අල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
- නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
- ඩෑන් ප්‍රියසාද් ඝාතන සැකකරුවන්රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර
- ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට
- පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
- වෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
Author: VNews
රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. මේ සඳහා රෝහල් කමිටුව මගින් රුපියල් ලක්ෂ 68ද පරිත්‍යාගශීලීන්ගේ රුපියල් ලක්ෂයක්ද ලැබී ඇති අතර ඒ සඳහා වැයවූ මුදල රුපියල් ලක්ෂ 98 කි. මේ යන්ත්‍රය මඟින් බාහිර කැපුම් වලින් තොරව එනම්, ශල්‍යකර්ම සිදු නොකර වකුගඩු ගල් ලේසර් කිරණ භාවිතයෙන් කඩා ඉවත් කරයි. මේ වන විට වකුගඩු වල ගල් ඉවත් කිරීමට රත්නපුර රෝහල රෝගීන් විශාල පිරිසක් ලේඛන ගත ව සිටින බවද වාර්තා වේ. මේ තුළින් ගැටලු ජනතා විසින්ම විසඳා ගැනීම පිලිබදව අගය කළ යුතු බවද ආණ්ඩුකාරවරයා…
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඉලප්පුකඩවෛ, වෙල්ලන්කුලම ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ලයන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙල්ලන්කුලම ප්‍රදේශයේදී කෝවිලක පූජා මංගල උත්සවයක් සඳහා ට්‍රැක්ටර් රථයකින් පැමිණි නැවත ගමන් කරමින් සිටි පිරිසකට මෙම පුද්ගලයන් පහරදී ඇති අතර, එහිදී ටැක්ටර් රථයේ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 35ත් අතර වයස්වල පසුවනවා. ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද දින (2023 ජුලි 06) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ඒ අනුව, නාවික හමුදාධිපති විසින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්වුුණ අතර ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණා. තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා. …
මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල හස්තියා නැවල ලබා ගැනීමට තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා තානාපති පෝජ් හර්න්පෝල් මහතා පවසනවා. තායි රාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. තායි රාජා සුදුහුම්පොළ රජමහා විහාරස්ථාන භූමියේ බැද සිටින අතර ඇතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව මෙහිදී අනාවරණ වුණා. මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියා. තායි රාජා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවයි ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේ. තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මෙම ඇතුන් දෙදෙනා නැවත තායිලන්ත රජයට…
පන්ති කාමර තුළ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ස්මාර්ට් අත් ඹරලෝසු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. මේ තහනම 2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව එරට රජය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා. සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම සහ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසු සිසුවියන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවින් මේ තහනම පැනැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. ජංගම දුරකතන ජන ජීවිතයට බද්ධ වී තිබුණ ද, පන්ති කාමරවලට ඒවා අවශ්‍ය නැති බවත්, සිසු සිසුවියන්ට අධ්‍යාපනය සඳහා අවධානය යොමු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සැලකිල්ලට ගනිමින් මේ තහනම පැනැවීමට තීරණය කළ බව නෙදර්ලන්තයේ අධ්‍යාපන…
තමිල්නාඩුවේ තරුණ සුබසාධන හා ක්‍රීඩා සංවර්ධන අමාත්‍ය ගරු උදයනිති ස්ටාලින් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක නිරත වුවා. තමිල්නාඩුවට සමීපතම අසල්වැසියා ශ්‍රී ලංකාව බවත්, සියවස් දෙකක ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව පවතින බවත්, තමිල්නාඩුවෙන් ලැබෙන සහයෝගය ශ්‍රී ලාංකීය ජනතාව විසින් සැමවිටම පිළිගෙන අගය කරන බවත් සෙන්දිල් තොණ්ඩමාන් මහතා උදයනිධි ස්ටාලින් මහතා වෙත ප්‍රකාශ කළා.
විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අධිකරණයට දුන් පොරොන්දුව නීතිපතිවරයා මඟින් යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට විශේෂඥ වෛද්‍යවරු චෝදනා කරන අතර මේ සඳහා ප්‍රබල වෘත්තීය සමිතියක ආශීර්වාදය ඇතිව යැයිද ඔවුහු පවසනවා. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය හිඟය අවම කිරීමට වුව ත්, සෞඛ්‍ය ලේකම්වරයා විසින් ශික්ෂණ රෝහල්වල ස්ථාන මාරු නොලබා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට යෝජනා කරමින් නව ප්‍රතිපාදනයක් ඇතුළු කිරීමට උත්සාහ කරමින් සිටීම තවත් නඩු කිහිපයකට මුහුණ දීමට හේතුවක් වනු ඇති බවත් ඹවුන් පෙන්වා දුන්නා. දැනට පවතින රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ, එවැනි රෝහල්වල…
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපතේ සහ අරියාලෛ ප්‍රදේශයන්හී 2023 ජුලි මස 04 සහ 05 දිනයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කයිට්ස් අල්ලප්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සහ අරියාලෛ මනියන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 65 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් දහ අටක් (18) සහ සේවා නූල් සෙන්ටිමීටර් 155 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතන මඟින් 2023 ජුලි මස 05 වන දින යාපනය, අරියාලෛ මනියන්තෝට්ටම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ සැකකටයුතු බෑගයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහීදී එම බෑගය තුල සූක්‍ෂම ලෙස සඟවා තිබූ…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා. අද දිනයේදිත් පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ අපරාධ වින්දිතයින් මෙන්ම සාක්ෂිකරුවන් හට සහය දීම, ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවනිවර කියවීමට අදාළව කල්තබන ලද විවාදය දෙවන දිනටත් මෙලෙස පැවැත් වෙනවා. ඉන් අනතුරුව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා. රට බංකොලොත් භාවයට පත් කළේ කවුරුන්ද යන්න පිළිබදව සොයා බැලීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මුදල් කාරක සභාවේ සභාපතීත්වයට පත් කළ යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222