- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
Author: VNews
ඉන්දිය නාවික හමුදාව සහ ප්‍රංශ නාවික හමුදාව එක්ව නාවික සහයෝගිතා අභ්‍යාසයක නිරත වී තිබෙනවා. ඒ, බෙංගාල බොක්ක මුහුදු සීමාවේදීයි. මෙම නාවික අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් රනා සහ සුමේධා යන නෞකා සහ ප්‍රංශ නාවික හමුදාවේ සර්කුෆ් නෞකාව එක්ව තිබෙනවා. ඉන්දීය නාවික හමුදාව සහ ප්‍රංශ නාවික හමුදාව අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම නාවික අභ්‍යාසයේ අරමුණයි. එමගින් දෙපාර්ශවය අතර අන්තර් ක්‍රියාකාරීත්වය සහ ශක්තිමත් බැඳීම් සංකේතවත් කරන බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. කොළඹ පිහිටි ජපාන රාජ තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලා .
ජපානය සහ තායිවානය සබඳතා තර කර ගනී.ඒ, චීනය විසින් තායිවාන සමුදා සන්ධිය තුළ සිදුකරමින් ඇති අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේයි. තායිවානය සිය පාලනයට නතු භූමියක් ලෙස සලකන චීනය, තායිවානය තුන්වන පාර්ශවයක් සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල නිරත වීමට දැඩි විරෝධයක් දක්වනවා. කෙසේවෙතත් චීනයෙන් එල්ල වන බලපෑම් නොතකා තායිවාන උප අග්‍රාමාත්‍ය චෙං වෙන්-ට්සාන් ජපානයට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී ඔහු ජපාන නීති සම්පාදකයින් පිරිසක් ද හමුවී තිබෙනවා. තායිවාන උප අග්‍රාමාත්‍යවරයකු මෙලෙස ජපානයට පැමිණියේ වසර 29 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපානයට පැමිණි තායිවානයේ උප අග්‍රාමාත්‍ය චෙං එහිදී ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ටොෂිමිට්සු මොටේගි ද හමුවුණා දෙරට අතර පවතින…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට වසා තැබේනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා .
ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමිව ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතාගේ ධුර කාලය පසුගිය 26 වන දා අවසන් වීමත් සමග මේ දක්වා එම ධුරයට කිසිදු පුද්ගලයෙකු නම් කර නැහැ. මෙම ධුරය සදහා පුද්ගලයෙකු නම් නොකිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්. නව පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නම් 3 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් එම කාර්යය සඳහා වත්මන් පොලිස්පතිවරයාට යළිත් වරක් සේවා දිගුවක් ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
දේශීය ණය ප්‍රශස්ථකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගි වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය අද මේ බව දැනුම් දී ඇති බව සදහන්. ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා අසත්‍ය බව ද ඇය සදහන් කර තිබෙනවා. ඔහු යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය පැවසුවේ.
නුවරඑලිය රුවන්එළිය 4 වන පියවර ජපන් වත්තේ පිහිටි නිවසක් මතට අඩි 16ක් උසැති කළු ගලින් ඉදි කරන ලද තාප්පයක් (03) දින පස්වරු 2ට පමණ කඩා වැටීමෙන් ලක්ෂ 50 කට ආසන්න මිට්ශුබිසි වර්ගයේ වාහනයක් මුලුමනින්ම විනාශ වී ඇති අතර, නිවසේ එක් පසක් මුලුමනින්ම විනාශ වී ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයට දින කිහිපයක් පුරා ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට ලක් වූ නිවසට ඉහලින් පිහිටි කළු ගල් සහිත තාප්පය තුලට වැසි ජලය කාන්දු විම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කළමණාකරණ ඒකකය පැවසිය. මෙම අනතුර සම්බන්ධයෙන් නිවසේ පදිංචිකරුවන් කියා සිටියේ අනතුර සිදුවීමට ස්වල්ප මොහොතකට පෙර බැම්ම කඩා වැටුණු කාමරය තුළ…
තද සුළං පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකියි. මේ අතර නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවා. ඪදසජැ ක්‍මඑ – ජනක කුමාර එමෙන්ම රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි සී සී එක්දින ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථමස්ථානයට පැමිණ තිබෙනවා. පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ ස්ථාන 6 කින් ඉදිරියට පැමිණීමට ඇය සමත්ව තිබෙනවා. නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි අතපත්තු දැක්වූ දක්ෂතා හේතුවෙනුයි ඇයට මෙම ස්ථානය හිමිව ඇත්තේ. නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ඇය පන්දු 83 කට ලකුණු 108 රැස් කරගනු ලැබුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















