- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
Author: VNews
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට විපක්ෂයේ උත්සහයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මේ වන විට ණය ප්‍රතිව්‍යූහගතකිරීමෙන් අනතුරුව රට තුළ ප්‍රතිපත්ති පොළිය පහත යාම මෙන්ම උද්ධමනය අඩු වීම ආදි විශේෂ සිදුවීම් රැසක් සිදු වී ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
බෞද්ධ උත්සව වලට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවම බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නායක හිමියන් පවසනවා. රටේ පවතින සංස්කෘතිකාංග ආරක්ෂා කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට නම් පැවති සම්ප්‍රදායන් ආරක්ෂා කර ගත යුතු බවයි අනුනායක හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.
පාසල් නොයන ළමුන් හදුනාගෙන ඒ පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙස කෝපා කමිටුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධ වී මසකට වරක් හෝ මාස 2 කට වරක් මෙම තොරතුරු පාසල් මගින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පෙන්වා දී ඇත්තේ. 2019, 2020, 2021 වසරවල පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීමට රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.
මෙක්සිකෝවේ මගී බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙක්සිකෝවේ දකුණු දිග ඔක්සාකා ප්‍රාන්තයේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් කඳු බෑවුමෙන් පහතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
එක්දින ලෝකකුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදී නෙදර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම තරගවැදීමට නියමිතයි. සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 සහ සියයට 12 දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් පහත යනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර 2023 ජූනි මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම චීන මහ බැංකුවේ හුවමාරු පහසුකම ද ඇතුලුව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකුව පවසනවා. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුලත්වයි මෙම නිල සංචිත ඇස්තමේන්තු කර ඇත්තේ.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව හමුවට අද දිනයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කැදවීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර කෝපා කමිටුව හමුවට අද දිනයේ පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතන කැදවා තිබෙනවා. මෙම රැස්වීම් අද පාර්ලිමේන්තුවේදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වයඹ පළාතේත් මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට පස්වරු 5 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අනතුරුව පසවරු 5 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර මහතාට පෙරේදා සවස පුද්ගලයකු පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 163,000ක මුදල් හා සුදු රත්තරන් මාලයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා . නීතිඥවරයා මෝටර් රථය තුළ සිටියදී එම මෝටර් රථය අසලට පැමිණි පුද්ගලයකු අතපාමින් මුදල් ඉල්ලා ඇති බව සදහන් . මුදල් නැති බව පැවසූ විට එම පුද්ගලයා විසින් ඉණේ සඟවාගෙන සිටි උල් පිහියක් අතට ගෙන එය දිගු කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000ක මුදලක් මුලින්ම කොල්ලකා තිබෙනවා . අනතුරුව මෝටර් රථයේ තිබුණු බෑගයක් ද ඔහු විසින් කොල්ලකෑමට තැත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















