
පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාව සහ එම මාර්ග භාවිතා කරන රියදුරන් පවතින තත්වය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කල යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.














