
දිවයිනට බලපා ඇති එල්නිනෝ කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට පුද්ගලයින් 169,071ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවුල් 51,959කට අයත් පුද්ගලයින් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි. වියළි කාලගුණික තත්ත්වය දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39කට බලපෑම් එල්ල කර ඇති බවත් එහි සඳහන් වනවා.














