
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක්, නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මෝහිනී ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම පිරිස නාවාතැනක් සොයාගැනීම සඳහා මෝටර් රථයෙන් යන අතරතුරයි මෙම අනතුරට භාජනය වී ඇත්තේ. අනතුරට පත්වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර, අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.














